අජිත්ලාල් ශාන්තඋදය
කොරෝනා නිරෝධානය වාට්ටුවක් ස්ථාපිත කළ ද රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෙනත් ප‍්‍රතිකාර සිදුකරන අතර රෝගීන්ගේ පහසුව පිණිස කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, ප‍්‍රසව හා නාරිවේද සහ හෘද රෝග ප‍්‍රතිකර සම්බන්‍ධයෙන් පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක උපදෙස් සේවාවක් ස්ථාපිත කර ඇති බව රත්නපුර රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පවසයි.
ඉහත රෝගී තත්ත්වයන් සම්බන්‍ධයෙන් රෝග ලක්‍ෂණ දුරකතනයෙන් දැනුම්දී උපදෙස් ලබාගෙන රෝහල් ගතකළ යුතු ද නැද්ද යන්න පිළිබදව උපදෙස් ලබාදීමත්, සේවාවන් සැපයීමත් මෙමගින් සිදු කෙරේ.
එවිට අනවශ්‍ය ලෙස රෝහල් පරිශ‍්‍රය තුල මහජනතාව ගැවසීම අවම කර වයිරසය පැතිර යාම වැළැක්වීමට ගත් පියවරක් බවද වෛද්‍ය අධ්‍යක්‍ෂවරයා කීවේය.
ඒ අනුව දුරකතන අංක 071-9902261න් කායික රෝග උපදෙස් ද 071-9902262 අංකයෙන් ශල්‍ය වෛද්‍ය උපදෙස් ද 071-9902263 අංකයෙන් ළමාරෝග සම්බන්‍ධයෙන් උපදෙස් ද, 071-9902264 අංකයෙන් ප‍්‍රසව හා නාරිවේද සම්බන්‍ධයෙන් උපදෙස් ද 070-3700040 අංකයෙන් හෘද රෝග සම්බන්‍ධයෙන් උපදෙස් ද ලබාගත හැකිය.
මෙම රෝගී තත්ත්වයන් සම්බන්‍ධයෙන් සායන වලින් දිගින් දිගටම ප‍්‍ර‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ද යම් සංකූලතා ඇති වන්නේ නම් ඉහත දුරකතන අංක අමතා වෛද්‍ය සහාය සේවා ලබාගැනීමට පහසුව සලසා ඇති බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
24 පැයේම උපදෙස් සේවාවක් රත්නපුර රෝහලෙන්