(සිරංගිකා ලොකුකරවිට)
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩකන්ද ප්‍රදේශයේ පවුල් 18ක් ස්වයං නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලසන්ත උබේසේකර මහතා පවසයි.
කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය සිට අකුරැස්සේ කොහුගොඩ කන්දේ නිවසට ගොස් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් පුද්ගලයා ළඟින් ඇසුරුකළ පුද්ගලයන් සිටීම හේතුවෙන් එම පවුල් නිරෝධායනයට ලක්කළ බව වෛද්‍යවරයා පැවසීය.
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගාල්ලට බසයෙන් පැමිණි අකුරැස්සේ තරුණයා එතැන් සිට ඔහුගේ නිවසට කැටුව ගොස් ඇත්තේ ගොඩකන්දේ පදිංචි ඔහුගේ මස්සිනා විසින් වෑන් රථයකිනි.
එම පුද්ගලයා සහ වෑන් රථයේ රියදුරා ද තවත් පුද්ගලයකු ද දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යවා නිරෝධායනයට ලක්කර ඇති බවත් ඔවුන්ගේ නිවාස ඇතුළු සහ ඔවුන් සමීපව ඇසුරුකළ පුද්ගලයන්ගේ නිවාස 18ක සියලු දෙනා මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යැවූ එක් පුද්ගලයකු අකුරැස්සේ තරුණයාගේ පියා රෝගීව කරාපිටිය රෝහලේ ප්‍රතිිකා ලබමින් සිටිය දී ඔහුගේ සාත්තුවට රෝහලේ නතරවි සිටි බව ද අනාවරණය වී තිබේ.
2025 නොවැම්බර් මස 04
367
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝපේ පොද්දල පවුල් 18 ක් ස්වයං නිරෝධායනයට