IMG-LOGO

2023 දෙසැම්බර් මස 08 වන සිකුරාදා


බැංකු පද්ධතිය ස්ථාවරයි

හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා  අද  (22) පැවැසීය.

බැංකු ක්ෂේත්‍රය පාරිභෝගිකයන් සමඟ සමීපව කටයුතු කරන බවත් එය යහපත් හා ධනාත්මක මට්ටමක පවතින බව ඔහු කීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි අභියෝග සම්බන්ධයෙන් පැවැති සංවාදයට එක්වෙමින් නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න එම කරුණු සඳහන් කළේය.

සිය පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීම බැංකුවල වගකීමක් බවත් බැංකු ක්ෂේත්‍රය ජාත්‍යන්තර මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමිත හා තත්ත්වලට අනුකූලව කටයුතු කර ඇතැයි ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා මහ බැංකුව නිසි රෙගුලාසි හරහා බැංකුවලට අවශ්‍ය සහාය සහ පහසුකම් සපයා ඇති බවත් ඒ අනුව ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් එල්ල කර තිබෙන නිසි පරිදි කළමනාකරණය කරගැනීමට මෙරට බැංකු පද්ධතියට හැකියාව ඇති බවත් ඔහු තවදුරටත් පැවැසීය. 
 



අදහස් (12)

බැංකු පද්ධතිය ස්ථාවරයි

කුමාර Friday, 22 May 2020 03:00 PM

ප්‍රමුඛ බැංකුව වගේද?

:       0       2

සමන් Friday, 22 May 2020 03:10 PM

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ලෙඩා මළද, බඩ සුද්ද බව තහවුරු කරගත් බවයි...

:       0       4

lakmal Friday, 22 May 2020 04:03 PM

අපි අසාර්ථකයි..

:       0       6

සෙනෙවිරත්න Friday, 22 May 2020 07:03 PM

බැංකු තමන් ස්ථාවර කර ගනීවි. මහ බැංකුව දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අවුල් නොකරනවා නම්...

:       0       18

බද්රානි Saturday, 23 May 2020 01:57 AM

බැංකුවල තිබෙන මුදල් පමණක් නොවෙයි, මේ රටේ ජනතාවගේ කනකර ඇතුළු දේපොළ ටිකත් කොල්ල කාලා තමයි පස්ස බලන්නේ. මතකයිනේ, ලලිත් කොතලාවල මහත්තයාගේ වත්කම් ටික මංකොල්ල කාපු හැටි? ග්‍රීසියේ හෙවනැලි, ලංකාව දෙසට වැටෙමින් තිබෙන සැටියක් තමයි පේන්න තියෙන්නේ?

:       0       5

Anuruddha Saturday, 23 May 2020 03:26 AM

දේශීය නිෂ්පාදන, අපනයන, සංචාරක, ගොඩනැගිලි ඉදිකිරීම් වගේ සෑම අංශයකම අඩපණ වෙලා තියෙන අවස්ථාවක බැංකු හොඳට ස්ථාවර වෙලාලු.. මෝඩ කතා කියන්න එපා මහබැංකු අධිපති තුමෝ... අපි හරක් කියලා හිතුවද? 

:       0       23

Wasantha Saturday, 23 May 2020 10:27 AM

ඔහොම කියද්දිම බය හිතෙනවා...

:       0       10

සුදු බංඩාර Saturday, 23 May 2020 12:19 PM

බැංකු පද්ධතිය අස්ථාවරයි කියලා කිව්වේ කවුද ? හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා වගේ. මහබැංකුව දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නේ. ලංකාවට ආනයනය කරන භාණ්ඩ සියයට 80ක් වඩා නතර කරල ගැසට් කරා.5/22. රටක ආර්ථික පැවැත්මට අවශ්‍ය ලංකාවේ නිශ්පාදනය නොකරන භාණ්ඩ ආනයනය නතර කරලා. කිසිම රටක් නොකරන දෙයක්. ඇත්‍ත වහලා බොරු කතා කියනවා මිනිස්සු රවට්ටන්න.

:       0       147

Palitha Saturday, 23 May 2020 05:08 PM

ඇත්තම තත්වය නම් බැංකුවකින් ණය මුදලක් ගත්විට මහඡනයාට අධික මුදලක් ආපසු බැංකුවට ගෙවීමට සිදුව ඇත. බැංකුව විසින් ලිපිගොනු සැකසීමටත් වෙනත් ගාස්තුත් ලොකු මුදලක් මහ ඡනයාගෙන් උපක්‍රමශීලීව අයකර ගනු ලැබේ. ඡනතාව බැංකුවේ තැන්පත් කරන මුදලට ගෙවන්නේ සොච්චමක් පමණි. එම සොච්චම් මුදලිිිින්ද විවිධ හේතූ කියමින් තව මුදලක් කොල්ලකනුුු ලැබේ. මේ ගැන ලංකාවේ මහබැංකුව නෑසු කන් ඇතිව කල්මරමර සිටියි. මහජනයා මහා පීඩාවකට ලක්කරන බැංකුව වසර අවසානයේදී මහා ලාහයක් පෙන්වා නිලධාරීන් වාසි ලබා ගනියි.

:       1       78

මිහිඳු Saturday, 23 May 2020 05:30 PM

ලෙඩා මළද, බඩ සුද්ද වූ බව වෛද්‍යවරු සනාථ කර සිටියහ...

:       0       2

athula Saturday, 23 May 2020 05:52 PM

එහෙනම් කරුණාකරලා ද ෆිනනස් එක නැවත ස්ථාපිත කරලා අපේ තැන්පත් ආරක්ෂා කන්න ඕනේ. කයිවාරු වලින් විතරක් රට ගොඩගන්න බැහැ.

:       0       3

imesh Sunday, 24 May 2020 04:56 PM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ. අපි කොන්ඩේ බැඳලද වගේද පේන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

Covid19

අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2728 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 915 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 697 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 910 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 786 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


පිට පිටම දෙවැනි දිනටත් කොවිඩ් මරණ 5 ක්
2022 අගෝස්තු මස 18 1016 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 986 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 743 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4723 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site