IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


තොන්ඩමන්ගේ අනුප්‍රාප්තිකයා මැතිවරණ නිරෝධායන නීති උල්ලංඝනය කරනවාලු

(විනීතා එම් ගමගේ)

ලංකා කම්කරු කොංග‍්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.
 
මැතිවරණ කොමිෂන් සභාවක් පවතින්නේ දුටු තැන එරෙහි වීමට මිස පැමිණිලි එනතුරු බලාසිටීමට නොවේ යැයි ද හෙතෙම සදහන් කළේය.
 
ඉකුත් මාර්තු දෙවැනිදා සිට තවමත් පවතින්නේ මැතිවරණ පූර්ව ප‍්‍රචාරක සමයක් යැයි පෙන්වා දුන් ගජනායක මහතා ඊට අමතරව නිරෝධායන නීතිය ද තදින් ක‍්‍රියාත්මක කරන බවත් චිටරයේ දුරින් නොසිටියේ නම් සිරගත කරන පව කියන පොලිසිය පවා නිහඩව අසරණ වී බලා සිටි බව පෙනී යන්නේ යැයි ද ගජනායක මහතා කියා සිටියේය.
 
දැන්වත් නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ අපේක්ෂකයන් පිරිස පාලනය කළ නොහැකි වන බවද ගජනායක මහතා පෙන්වා දුන්නේය.



අදහස් (12)

තොන්ඩමන්ගේ අනුප්‍රාප්තිකයා මැතිවරණ නිරෝධායන නීති උල්ලංඝනය කරනවාලු

ධම්ම Friday, 29 May 2020 01:59 PM

තවත් පොකුරක් බලාපොරොත්තුවන්න.

:       181       261

Siri Sean Friday, 29 May 2020 02:02 PM

එයාගේ පියා මේ මැරිලා ඉන්නේ. (ඔහු ඇමති කෙනෙක්) . එයාලටත් බැරිනම් කාටද පුළුවන්? මහත්තයෝ මේක ලංකාව. බලය තියනකොට හැමෝම ඔහොම තමා. මේවා බලන් ඉන්න බැරිනම් ඇස පියාගන්න. අපේ රටේ නැවත දුටුගැමුණු රජතුමා ආවත් නිකන් “හිටන්ම “ තමා . අපි අවංක නොවී පාලකයෝ කොහොමද රට හදන්නේ? මුලින්ම අපි වෙනස්වෙමු.

:       55       275

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 02:08 PM

මේ අපේක්ෂකයා පමණක් නොවෙයි.අවමඟුලට ආව බොහෝ අය නිරෝධායන නීති උල්ලංඝනය කරා. ඒත්, මේ කෙහෙල්මල් වරප්‍රසාද නිසා ඒ අයට විරුද්ධව කිසි දෙයක් කරන්න පොලීසියට බැහැ. මෙවන් රටක කුමකටදෝ නීතිය සහ විනිසුරන්...

:       202       1007

කල්පනාSaturday, 30 May 2020 02:54 AM

අතට අතදීම හා සිපගැනීම, සාම්ප්‍රදායික පිළිගැනීම් කරන බටහිර රටවල නායක කාරකාදීන් අපේ ක්‍රමයට ආචාර කරද්දී පරගැති අපේ නායකයින් සාමාන්‍ය ජනතාවට මීටරයක් දුරින් සිටින්නැයි කියමින් කරන දර්ශන තොන්ඩමන් ඇමතිතුමා මියගිය අවස්ථාවේ දක්නට ලැබුණා. මීටරේ නීති කාටද? මෙහෙම නම් කොරෝනා වැළැක්වීමට හැකිවේද?

:       0       12

Reply Friday, 29 May 2020 02:14 PM

නිරෝධායන නීති තුට්ටුවකට තකන්නේ නැහැ. මේවා කියන්න ගියොත් ඉතින් පොලිසියට අම්මා මතක් කරලා එවයි. පොලීසියත් නිකන් පාරේ ඉන්නවා වගේ. මේක දෙමළුන්ට ගිය රටක් වුණා.

:       0       0

සඳුන් Friday, 29 May 2020 02:14 PM

මෙය ඉදිරි පෙල සෞඛ්‍ය කාර්ය සේවකයින්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මේ රටේ සමස්ථ මහ ජනතාව ඉහළ කැපවීමකින් විශාල අවධානමක් ගනිමින් දින ගණනාවත් නිවෙස් තුළට වී ඉමහත් කැපවීමකින් කොරෝනා මර්ධනයට ගත් උත්සාහයට ගැසූ නූගත් දේශපාලුවන්ගේ කනේ පහරකි. නිරෝධායන නීතිරීති වලට අනුව මේ සියළු බල බලපුළුවන්කාරයින් හෝ අඩුම තරමේ වෙනත් කිසිවෙකුවත් අත්අඩංගුවට පත් නොවන බව විශ්වාසයි.

:       0       0

pradeepa Friday, 29 May 2020 02:56 PM

අපේ අජිත් රෝහණ මහතා නිවාඩුද? මෙතරම් නිරෝධායන නීති කැඩෙනවා පොලිසියට පේන්නේ නැද්ද? නැතිනම් තොන්ඩමන් ආණ්ඩුවේ නිසා විරුද්ධව මොනවත් කරන්න පොලිසිය බයද?

:       0       0

Mr don Friday, 29 May 2020 04:02 PM

කෝ මේ අජිත් රෝහණ? අනේ පව්...!!!

:       0       0

SL Friday, 29 May 2020 04:44 PM

පිස්සු තද වෙලා... පෝය ලඟයිනේ. මේ අය හිටපු උන්ටත් හපන්...

:       0       0

Demuni Uduwara Friday, 29 May 2020 05:59 PM

නීතිය දේශපාලකයින් හමුවේ නිවැරැදිව සකස් විය යුතුයි..

:       0       0

de silva Saturday, 30 May 2020 05:25 AM

වතුකරයට තිබෙන්නේ තොණ්ඩමන්ලාගේ අාධිපත්‍යය... එහෙ ඔවුන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන්... කොරෝනා නීති අදාල වෙන්නේ මධ්‍යම පාන්තික අපට සහ ඔබට පමණි.. දේශපාලක උත්තමයන් සහ ඔවුන්ගේ පවුල් වලට... අාධාර කාරයින්ට මේවා අදාල නැත.

:       0       0

Deepal Nirosh Saturday, 30 May 2020 10:11 AM

පුදුමයි, මේ මරණයට පමණක් අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන නීතිරීති කිසිවක් වලංගු වුණේ නැහැ. දැන් දින කීයක් මෘත දේහය අනාරක්ෂිතව ප්‍ර‍දර්ශනය කළාද? ඒ මදිවට එක තැනක විතරද? ආණ්ඩුවෙ පොඩි ඇදයක් අල්ලගෙන යකා නටන අපේ විපක්ෂයේ ජන බලවේගත් ඇටි කෙහෙල් කෑ උගුඩුවො වගෙයි, ඒත් ඇත්තයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 777 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 911 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site