IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට සංචරණ සීමා


 (ජේ.කේ.එල්. චාමින්ද)
 
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ  ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.
 
කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වීමත් සමග දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස්මත මෙම පියවර ගත් බවද ඒ මහතා කීය.
 
ගල්බොක්ක නැගෙනහිර,ගල්බොක්ක බටහිර,අලුත්විදිය.කොට්ටගොඩ,කොහුන්ගමුව.හෙට්ටිවිදිය යන මෙකි ගම්මානවලින් කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු  පෙරේදා (09) වාර්තා වී තිබු අතර  ඊට දිනකිහිපයකට පමණ පෙර දෙදෙනෙකු වාර්තා වී තිබුණි. මේ හේතුවෙන් ගම්මාන 06 සදහා දැඩි සංචරණ සීමා පැනවීම සුදුසු බවට  සෞඛ්‍ය අංශ මගින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාට නිර්දේශ කළ බවද හෙතෙම කීය.ඒ අනුව ඊයේ (09) රාත්‍රියේ සිට  මෙකි ගම්මාන සදහා දැඩි සංචරණ සීමා පැනවීමට ආණ්ඩුකාරතුමා පොලිසියට නියෝග කළ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.
 පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්  මෙසේද කීවේය.
 
"මේ ග්‍රාම නිලධාරිවසම් 06ට  අයත් වන්නේ කුඩා කොටසක්. මේ ගම්මාන 6 එක ළග තියෙන පොඩි රවුමක් වගේ. පවතින තත්වය ගැන ආණ්ඩුකාරතුමාට වාර්තාකළාට පසු එතුමාගේ  නියෝග පරිදි මෙම ගම්මානවල ජනතාවට  පිටතට යාමටත් පිටතින් එන අයට ගම්මානවලට එමට නොහැකි පරිදි   පොලිසිය මගින්  දැඩි සංචරණ සිමා පැනවිමට කටයුතු කලා. හුදකලාකිරීමක් නෙවෙයි වෙන්නේ. දැඩි සංචරණ සීමා පැනවීමක් තමයි කරන්නේ. පී.සී.ආර් පරීක්ෂණ 300ක් කළා ඉන් පුද්ගලයින් 18 දෙනෙකු තමයි ආසාදනය වෙලා තිබුණේ. පී.සී.ආර් පරීක්ෂණ 20ක පමණ  ප්‍රථිපල එන්න තියෙනවා මෙකී ප්‍රදේශවල පිහිටි පාසල් ද වසා දැමීමට තීරණය කරලා තියෙනවා" යැයිද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය



අදහස් (2)

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට සංචරණ සීමා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 December 2020 04:33 AM

ඊයේත් මා දන්නා කිහිප දෙනෙකු මේ ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වුණා.ඒ මිනිසුන් ගියේත් නොගිහින් බැරිකමට. ඇයි දෙවියනේ .. ! මේවා පවත්වන්න ඉඩදී ඒ මිනිසුන් රෝගය බෝකරගත්තාම මේ ගම් බිම් හුදකලා කරන්නේ. ඇයි මේ නීති, ලෙඩේ බෝකරගන්නකන් ඉඳලා දාන්නේ.මේ පාලන අංශවල බුද්ධිය තියෙන්නේ ශරීරයේ අපර කෙළවරේ කියලයි අපට සිතන්නට වෙන්නේ.

:       1       6

Anil hewawasam Friday, 11 December 2020 12:58 AM

ගල්බොක්ක, අලුත්වීදිය, කොහුනුගමුව කියන්නේ මුස්ලිම් මිනිසුන් වැඩිපුර සිටින ජනපද... මෙහි රෝග ව්‍යාපිතිය වැඩියි. එයාලා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපදින්නේ ඉතාම අඩුවෙන්....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site