IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දකුණේ සායනික රෝගීන් සියයට 50 කට වඩා වැඩි පිරිසකට ඖෂධ බෙදාදෙයි

(ජේ.කේ.එල් චාමින්ද)

දකුණු පළාත්  සෞඛ්‍ය අමාත්‍යංශය  මගින් පාලනය වන රෝහල් වල සායනිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් සියයට 50 කට වඩා වැඩි පිරිසකට මේ වනවිට ඖෂධ බෙදා දීමට කටයුතු කර ඇති බව  දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ග්‍රාමීය , ප්‍රාදේශීය  රෝහල් මෙන්ම ප්‍රාථමික සත්කාරක ඒකක මගින් සායනික රෝගින්ට ඖෂධ නිවෙස්වලට යැවීමට කටයුතු කර ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

ඇතැම් ප්‍රාදේශීය රෝහල් මගින් සියයට 90 ඉක්මවා සායනික රොගීන් සඳහා ඖෂධ නිකුත්කර  ඇති බවද හෙතෙම පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙසේද කිවේය.

‍         ‘‘උඩුගම ,වලස්මුල්ල වැනි රෝහල් මගින් සියයට 90 ක් පමණ ඉක්මවා සායනික රෝගින්ට ඖෂධ නිකුත් කරලා තියෙනවා.

බලපිටිය ඇල්පිටිය වැනි රෝහල්වලත් සියයට 50 ඉක්මවා සායනික රොගීන්ට ඖෂධ නිවෙස්වලට යැවීමට කටයුතු කර තියෙනවා. කුඩා රෝහල්වලට පැමිණ ඇතැම් සායනික රෝගීන්  ඖෂධ රැගෙන ගොස් තියෙනවා.

එවැනි රෝගීන්ද සියයට 25 ක් විතර ඉන්නවා. ඇඳිරි නීතිය නිසා  පසුගිය සති තුනේ සායනවලට එමට නොහැකි වූ රෝගින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ රෝගීන්ගෙන් සියයට පනහකට වඩා   වැඩි රෝගීන්ට තැපල් මාර්ගයෙන්, සෞඛ්‍ය කාර්යමණ්ඩල මගින්  ග්‍රාම නිලධාරින් හරහා විවිධ ක්‍රම උපයෝගි කරමින් එම රෝගින්ගේ නිවෙස්වලටම ගොස් ඖෂධ බෙදාහැරීමට කටයුතු කරලා තියෙනවා.‘‘

දකුණු පළාත තුල මෙම වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

 

 



අදහස් (0)

දකුණේ සායනික රෝගීන් සියයට 50 කට වඩා වැඩි පිරිසකට ඖෂධ බෙදාදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site