IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කටානෙන් කොරෝනා රෝගීහු 72 ක්

(කීර්ති ප්‍රනාන්දු)

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා රෝගීන් 72 දෙනෙකු පෙරේදා (30) දින වාර්තා වූ බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඒ .යූ.  ටී.  කුලතිලක මහතා පවසයි.

මෙසේ වාර්තා වූ රෝගීන් අතර වයස අවුරුදු එකහමාරේ සිට වයස අවුරුදු 75 දක්වා වයස් කාණ්ඩ වලට අයත් ගැහැණු සහ පිරිමි රෝගීන් සිටින බවත් පවුලේ සියලුම සාමාජිකයන් ආසාදිතයන් ලෙස හඳුනාගත් පවුල් හතරක් ද ඒ අතර වන බව ද කුලතිලක මහතා  පැවසීය.

මෙසේ හඳුනා ගත් රෝගීන් නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන් නොවන බවත් මෙම පුද්ගලයන් හට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඔවුන් කොරෝනා රෝගීන්  සමග සම්බන්ධතාවයක් ද පවත්වා නොමැති බව ඔවුන්ගෙන් කරන ලද කරුණු විමසීමේ දී අනාවරණය වූ බව කුලතිලක මහතා කීය.

  එම නිසා මෙම   පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳව සලකා බැලීමේදී සමාජය තුළ හඳුනා නොගත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් විශාල පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කළ හැකි බවද කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (0)

කටානෙන් කොරෝනා රෝගීහු 72 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 5 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site