(සුජිත් හේවාජුලිගේ )
දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව හොඳ සූදානමක සිටින බවත් එම වයිරසය රට තුළට පැමිණීම හැකිතාක් ප්‍රමාද කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
ඕනෑම වයිරස ප්‍රභේදයක් පැමිණීම සදහටම නැවැත්විය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
මෙම වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බව පැවසූ ජීවන්දර මහතා මේ ගැන අනියත බියක් ඇතිකර ඇතිකර ගත යුතු නැතැයිද සඳහන් කළේය.
දැනට රජයේ මගින් සිදුකරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක බවත් විදේශිකයින් මෙරටට පැමිණීමේදී දැනට පනවා ඇති නීතිරීති ප්‍රමාණවත් බවත් ඔහු කීවේය .
දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වයිරස නවතම ප්‍රභේදයේ "s" ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බවද ආචාර්යවරයා පැවසුවේය.
බූස්ටර් එන්නතින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් බියක් විය යුතු නැති බව පැවසූ ජීවන්දර මහතා ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවද අවධාරණය කළේය.
බූස්ටර් එන්නත ලබාගැනීම මේ මොහොතේදී අනිවාර්යයෙන්ම කළ යුතු බවආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඔමික්‍රෝන් ගැන සූදානමින්: වයිරසයක් එන එක සදහටම නවත්වන්න බෑ
සමන්ත Saturday, 27 November 2021 10:23 PM
මට හරි සැකයි.., මේ කවුද කතා කතා කරන්නේ කියලා. අපි දන්න තරමට නම් ෆයිසර් එක හෝ බයොන් ටෙක් ආයතනය හෝ වෙන කවුරුවත් තවම හරියට මේ වයිරසය ගැනවත් බූස්ටර් එන්නතකින් පාලනය කළහැකි බවක්වත් දන්නේ නෑ. තවම පර්යේෂණ කරමින් හොයනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පවා කිව්වේ ඒක. ආයතනයවත් ප්‍රකාශයක් කරලත් නෑ. එතකොට ආචාර්ය ජීවන්දර මෙහෙම ප්‍රකාශයක් කළේ ඇයි? එය විද්‍යාත්මක ප්‍රකාශයක් නෙමේ...
kapila Sunday, 28 November 2021 12:28 AM
දැන් නියමෙට ආණ්ඩුවට කඩේ යනවානේ. බොහොම හොඳයි.
Sriland Sunday, 28 November 2021 01:39 AM
බොරදියේ මාළු බාන්න එපා... කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ....
jayanti Sunday, 28 November 2021 09:46 PM
වෛරසය මුලිනුපුටා දැමීමේ අරගලයක් ලෝක කම්කරු පන්තිය අතට ගත යුතුයි...