IMG-LOGO

ඉතාලියට නැවතත් ඇඳිරි නීතිය

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉතාලි බලධාරීහු අද (4) තීරණය කළහ.

ඉතාලිය ද ඇතුළුව යුරෝපයේ රටවලින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර යුරෝපයේ රටවල් රැසක් මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සීමා පනවා ඇත.

නව සීමා සමඟ ඉතාලි වැසියන්ට රාත්‍රී 10ත් පසුදා අලුයම 5ත් අතර කාලයේදී සිය නිවාසවලින් පිටවී යෑම තහනම් වන අතර ප්‍රංශය, බෙල්ජියම සහ ජර්මනිය යන රටවල් ද මේ වනවිට ඒ හා සමාන නීති පනවා ඇත.

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කරගැනීමට නොහැකිව යුරෝපයේ රටවල් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.

වයිරසය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණ ගණන බදාදා දිනයේදී වාර්තා විය.

මේ හේතුවෙන් වයිරසය පාලනය කිරීම සඳහා නැවත වරක් දැඩි සීමා ගන්නැයි රුසියානු ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. කෙසේ නමුත් ලොක්ඩවුන් සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මීට පෙර දිනෙක පැවැසීය.

.එෆ්.පී.

055 



අදහස් (0)

ඉතාලියට නැවතත් ඇඳිරි නීතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site