IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොරෝනා මරණ වැඩිම රට ඇමෙරිකාව වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මීට පෙර වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉතාලියෙනි. 

මේ අනුව ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ හා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

රොයිටර්ස් පුවත් සේවය නිකුත් කළ දත්තවලට අනුව සෙනසුරාදා රාත්‍රිය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 19,600 ඉක්මවා ගොස් ඇත .

රොයිටර් 

055

 



අදහස් (9)

කොරෝනා මරණ වැඩිම රට ඇමෙරිකාව වෙයි

දසුන් Saturday, 11 April 2020 07:47 PM

මිසයිල ,න්‍යෂ්ටික අවි, ප්‍රහාරක යානා, යුද නැව්, නැනෝ මීටර් දෙකේ වෛරසයට පරාජය වී ඇත.

:       0       0

මුණසිංහ Sunday, 12 April 2020 01:30 AM

ඇමරිකාවේ ජනාධිපතියි, ආණ්ඩුකාරවරුයි අතරේ මත භේද ඇති වෙලා. දෙගොල්ලා බෝල පාස් කර කර ඉන්නවා. මුල දී එයාල මේක සෙම්ප්‍රතිශ්‍යාවක් විදියටයි සැලකුවේ. බටහිර සියලු රටවල් මේක සමච්චලයට භාජනය කලා - චීනයත් එක්ක. දැන් විපාක විදිනවා. ඇමරිකාවට ජන ජීවිතයට වඩා වටින්නේ ආර්ථිකය. දැන් ජනතාවත් ඉවරයි-ආර්ථිකයත් ඉවරයි. එරටවල්වල වැසියන් ලංකාවේ ක්‍රියාදාමය අගයන්නේ්ඒ නිසා.

:       0       0

rana Sunday, 12 April 2020 02:14 AM

මොන දෙයද මේ ? විවේචනය ඇමරිකාව, ඉතාලිය සහ යුරෝපා රටවලට , හැබැයි බෝට්ටුවෙන් හොර විසා වලින් මොන ජල්බරියෙන් වත් යන්න හදන්නේ එහෙටම නේ ? යන්නකෝ චීනෙට එක නේද දැන් පුරසාරම් දොඩන පාරාදීසය ?

:       0       0

wije Sunday, 12 April 2020 06:18 AM

ඉතාමත්ම කණගාටුදායක තත්වයක්. රෝගීව සිටින රෝගීන් ඉක්මනින්ම සුවපත්වේවා. හැබැයි මෙමගින් ලෝකයටම ලොකු පණිවිඩයක් ගෙනියනවා. ඒ තමයි ලෝකයටම ගහන්න ආයුධ හැදුවාට, හදට රොකට් යැවුවට, වෙන ග්‍රහලෝක ගැන හෙව්වාට කාටහරි ගහන්න ඕනා කියලා හිතුනම බොරු හේතු හදලා ගැහුවාට ලෝක බලවතා වෙන්න බැහැ ආගම දහමට අනුව සාධාරණව ජිවත්වුනොත් විතරයි ලෝක බලවතා වෙන්න පුළුවන් වෙන්නේ.

:       0       0

Darshana Sunday, 12 April 2020 08:02 AM

ඇමෙරිකාවට මොකද උනේ ?

:       0       0

beau Sunday, 12 April 2020 08:48 AM

කරුමේ පල දෙන හැටි...

:       68       25

SARATH Sunday, 12 April 2020 01:59 PM

දෙවන ලෝක යුද්ධයෙන් ලෝකය බේරාගන්න ගොස් ඇමරිකාවට අහිමිවූ ජීවිත ගණන 450,000 කි. ලංකාවේ 100 කටත් අඩුයි. හැම අවස්ථාවකදීම ඇමරිකාව පණ දෙවැනිකොට ලෝකය රකිනවා. ලංකාවත් එක්තරා අවධියකත් අදටත් ඇමරිකා ආධාරවලින් යැපෙන රටක්. ඉදිමෙන්න එපා. සිංහල අපේ ලේවල කුහක ගති නැහැ. මේ පෝස්ටර් දාන අය මොන දීපෙක උපන් අයද අපි දන්නේ නෑ.

:       3       16

de silva Sunday, 12 April 2020 03:12 PM

සරත් කවුද ඉදිමුනේ ? ඇමරිකාවද ? ඔබද ?

:       36       2

ලලිත් චන්ද්‍ර Sunday, 12 April 2020 08:22 PM

මේ ගොල්ලො කවදත් පලවැනිය වීමට කැමති අයනෙ. ඒ නිසා මුකුත් හිතන්න දෙයක් නැහැ. ඒ ගොල්ලන්ගෙ නිරුවත පේන්න ගත්තෙ දැන්. කටින් බතල හිටවන රටක් මේක. පවු අසරන මිනිස්සු....

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site