(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
මියගිය පුද්ගලයන් පස්දෙනාගෙන් සිවුදෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් වයස 30 ත් 59 අතර කාන්තාවක් ද ඒ අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මියගිය පුද්ගලයන් පස්දෙනා අතර පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් තිදෙනකු සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
මිනී වලලන්න එපා පුච්චන්න.