IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලලිත් කොතලාවලට එරෙහි නඩුව සමථයකට පත් කර ගැනීමේ යෝජනාවලියක්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
තැන්පත්කරුවන් විසින් සෙලින්කෝ සමාගමේ තැන්පත් කර තිබු රුපියල් කෝටි 72 කට අධික මුදලක් සම්බන්ධයෙන් විශ්වාස කඩ කළ බවට සෙලින්කෝ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාට එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා නීතීපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාට අද (30) දැනුම් දුන්නේය.
 
සෙලින්කෝ සමාගමේ, එහි හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ දේපළ යොදවා එහි තැන්පත්කරුවන්ගේ මුදල් වලින් විශාල ප‍්‍රතිශතයක් ගෙවා දමා මෙම නඩුව සමථයකට පත් කරගැනීමට යෝජනා කර ඇති හෙයින් මෙම නඩු විභාගය ආරම්භ කිරීම කල් දමන්නැයි කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ පෙබරවාරී මස 19 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
 
1997 මාර්තු මස 17 වැනිදාත් 2008 දෙසැම්බර් මස 24 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකා බැංකුවේ මුල්‍ය රේගුලාසි වලට පටහැනිව මුල්‍ය ආයතනයක් ආරම්භ කර ගනුදෙනුකරුවන් එම මුල්‍ය ආයතනයේ තැන්පත් කළ රුපියල් මිලියන 720 ක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මෙම නඩුව පවරා ඇත.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර ඇති සෙලින්කෝ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා එහි අධක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන්9 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය අමතමින් සෙලින්කෝ සමාගමේ, එහි හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ දේපළ යොදවා ආරම්භ කරන අරමුදලක් මඟින් එහි තැන්පත්කරුවන්ගේ මුදල් වලින් විශාල ප‍්‍රතිශතයක් ගෙවා දමා මෙම නඩුව සමථයකට පත් කරගැනීමට නීතීපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පැවසීය.
 
එම යෝජනාවලිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්ථාවරය මේ වනතුරු දැනුම් දී නැතැයිද මෙම නඩු විභාගය අද දින සිට ආරම්භ කිරීමට නියමිත යැයිද දැනුම් දුන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා නීතීපතිවරයාගේ ස්ථාවරය දැනගන්නා තුරු මෙම නඩු විභාගය ආරම්භ කිරීම කල් දමන්නැයි ඉල්ලා සිටියේය.
 



අදහස් (0)

ලලිත් කොතලාවලට එරෙහි නඩුව සමථයකට පත් කර ගැනීමේ යෝජනාවලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 78 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site