IMG-LOGO

‘ජිනා මැඩම්ට ‘ අත්හිටවූ සිර දඬුවම්-දඩ

(මනෝප්‍රිය ගුණසේකර)

ගණිකාවන් බවට පත් කිරීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් ‘ජිනා මැඩම්’ නමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (19) අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කළේය.

විත්තිකාරියට බරපතල වැඩ සහිත වසර 02ක සිරදඬුවමක් නියම කොට එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා එම වසර 10 ක කාලය තුළ මෙවැනි ආකාරයේ වරදක් කරනු ලැබුවහොත් මෙම වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුවම ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ රෝස්මෙරි ජූඩ් ෆිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් නැමැත්තියටය.

 2010 වසරේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවා ගැනීම සහ ඔවුන් කූට්ටනය කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකාරිය අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව දැනුම් දුන්නාය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව විභාගයට නොගොස් තම සේවාදායිකාව චෝදනාවන්ට වරද පිළිගන්නා හෙයින් ඇයට ලිහිල් ආකාරයෙන් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියාය. ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකාරියට බරපතල වැඩ සහිත වසර 02ක සිරදඬුවමක් නියම කොට එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් ලක්‍ෂ 05 ක දඩයක්ද ඇයට නියම කළේය.

 



අදහස් (13)

‘ජිනා මැඩම්ට ‘ අත්හිටවූ සිර දඬුවම්-දඩ

විජිත් Monday, 19 October 2020 09:29 AM

ඔය ජිනා මැඩම්ගේ තැන අල්ලපු වෙලාවේ, එතන මහින්දගේ රජයේ ඇමති කෙනෙකුත් ඉඳලා තියෙනවා.

:       19       28

Prabha Monday, 19 October 2020 10:20 AM

එයා ගිහිල්ලා තියෙන්නේ අපේ සංස්කෘතියට නොගැලපෙන දේවල්. එතැන වෙනවා කියන ආරංචිය ඇත්තද බලන්න. බොරුවට මඩගහන එක කැතයි.

:       0       21

ShanakaMonday, 19 October 2020 10:33 AM

හොරගෙඩියා... ඔයා දැක්කනේ ඒ කවුද කියලා... අපිටත් කියන්නකෝ..?

:       0       82

සමීරMonday, 19 October 2020 12:54 PM

නෑ නෑ. එයා ගිහින් තියෙන්නේ එතන බියර් එකක් බොන්නලු.

:       0       9

Prabha Monday, 19 October 2020 01:06 PM

ශානක මගේ උත්තරේ ඉඟියක් තියෙනවා. කල්පනා කළොත් කවුද කියලා හොයාගත හැකිය.

:       0       3

chinthakaMonday, 19 October 2020 12:34 PM

ඔන්න පුලුවන්නම් හොයාගන්න... පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධයක් තියනවා.

:       1       1

BamunuarachchiMonday, 19 October 2020 12:40 PM

යහපාලන ආණ්ඩුවේ ඉන්නේ කවුද කියලා දන්නවා. ඒ හින්දා මේ අය ගාව ඉඳලා අසුවෙන්නේ නැහැ.

:       6       2

beau Monday, 19 October 2020 11:34 AM

එයාගේ අයත් උසාවිවල රජකම් කරනවා වගේ... දඬුවමේ හැටියටයි අපිට පෙනෙන්නේ...

:       0       4

Champa Monday, 19 October 2020 12:03 PM

අපූරු දඬුවම. ද්විත්ව පුරවැසියෙක් නම් පොහොට්ටුව මෙයාව පාර්ලිමේන්තු ගෙනෙයි. තාම ද්විත්ව පුරවැසියෙක් වෙලා නැත්නම් එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කළාම අදාළ පාර්ශවයට අවශ්‍ය සේවා සැපයීමෙන් ද්විත්ව පුරවැසි භාවය ගන්නත් පුළුවන් වෙයි...

:       1       5

chandanaMonday, 19 October 2020 05:32 PM

කොහෙද යන්නේ.. මල්ලේ පොල්.

:       0       0

සමන් Monday, 19 October 2020 12:15 PM

එතන ඉඳලා තියෙන්නේ එක රජයක අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය කෙනෙක්...

:       0       4

P.J. Monday, 19 October 2020 02:45 PM

"හොරගෙඩියා " කියලා කියනකොට මට හිනා යනවා.. පත්තු කරපු කෙනා පැත්තක. මෙතන අනිත් අය ඒ ගැන වාද කරනවා.

:       0       12

kamal Tuesday, 20 October 2020 03:47 AM

හප්පේ ඇති යාන්තම් ගොඩින් බේරගත්තා. බේබිලයි, තාත්තලයි කීයක් මේකෙන් බේරුණාද? හැබැයි පොල්ගෙඩියක් නම් හොරකම් කරලා අහුවෙන්න එපා. අවුරුදු 10 ඇතුලේ... එළ එළ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1495 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 541 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 610 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site