IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කරන්නාගොඩට 26 හෝ 27 සී.අයි.ඩී.යට එන්න කියයි

(නිමන්ති රණසිංහ)
 

කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව ඇතැම් චූදිතයින් ආරක්ෂා වන ආකාරයෙන් මුල් පැමිණීල්ල කොළඹ අපරාධ කොට්ඨාසය වෙත සිදුකිරිම සම්බන්ධයෙන් හෙට (26) හෝ  අනිද්දා (27)යන දෙදින තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ඞ් වසන්ත කරන්නාගොඩ මහතාට අද (25 )නියෝග කළේය.
 
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එවකට (2009 වර්ෂයේදී)  මෙම සිද්ධියට අදාළ මුල් පැමිණීල්ල කොළඹ අපරාධ කොටඨාසය වෙත සිදුකිරීමේදී මෙම අක‍්‍රමිකතාව සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් එවකට නිතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයකු වූ ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා වෙතින් උපදෙස් ලබා ගෙන ඇති බවත් කළ දැනුම් දිමට අනුව මෙම ප‍්‍රකාශය ලබා ගත යුතුව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙක් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් විණී.
 
මෙම සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ බන්ධනාගාරය මගින් අද (25)  අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සැකකරු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කරන ලෙසද මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (0)

කරන්නාගොඩට 26 හෝ 27 සී.අයි.ඩී.යට එන්න කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 78 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site