IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමට කමිටු පහක්

(මනෝප්‍රිය ගුණසේකර)

අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්‍ෂෙත්‍රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කරන ලදී.

මෙම කඩිනම් වැඩපිළිවෙල සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම විද්වත් කමිටු 5 ක් පත් කරන ලද අතර අධිකරණ ක්‍ෂෙත්‍රයේ පවතින ගැටළු සඳහා වසර 3 ක කාලයකින් විසඳුම් ලබාදීම මෙහි අරමුණ වී ඇත.

අධිකරණ ක්‍ෂෙත්‍රයේ පවතින විවිධ අන්දමේ ගැටළු හඳුනාගෙන වසර තුනක කාලයක් තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා විසඳුම් ලබාදීමේ අරමුණෙන් යුතුව ජ්‍යෙයෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 මෙලෙස පත් කරන ලදී.

අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතාද, අපරාධ නීති ප්‍රතිසංස්කරණ කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාද, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ හා ස්වයංක්‍රිය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතාද, වාණිජ නීති ප්‍රතිසංස්කරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාද, පත් කොට ඇති ඇමතිවරයා සිවිල් නීති ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වශයෙන් නීතිඥ ලසිත් කණුවනආරච්චි මහතා පත් කර ඇත.



අදහස් (4)

අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමට කමිටු පහක්

Ashirley suraweera Saturday, 17 October 2020 01:15 AM

දැන් පුළුවන්ද රිෂාඩ් අල්ලන්න..?

:       0       2

sachith Saturday, 17 October 2020 03:37 AM

ඕක කමිටු 5 ප්‍රමාදය හොයන්න තව කමිටු 50ක් දැම්මත් බෑ. මොකද මේක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ... නඩු දිග්ගස්සන තරමට තමයි මෙයාට සල්ලි කඩාගන්න පුළුවන්... ඒවගේ රත්තරන් බිත්තර දාන කිකිළිව මෙයාලා පාවලා දෙයිද?

:       0       9

තරංගSaturday, 17 October 2020 10:18 AM

සචිත්, ඔබේ කතාව සහතික ඇත්ත. නඩු නැති වුනොත් නීතිඥ මහත්තුරු කන්නේ කොහොමද? මරු කට්ටියක් දාලා ඉන්නේ...

:       0       5

dhamneth Saturday, 17 October 2020 08:49 AM

පසුගිය වසරේදී ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී රිය අනතුරකින් මරණයට පත්වුණා. එම රියදුරාට වසර 08ක සිර දඬුවමක් නියම කළා. ලංකාවේ නම් මේ නඩුව තව අවුරුදු ගණනාවක් යනවා තීන්දුවක් දෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site