IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 23 දා සළකා බලයි

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්  නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, ඔහුව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 23 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.

එම පෙත්සම එල්.ටී.බී දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරේරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවිණි.

එහිදී පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන්  පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ මුල් නඩුව අද (16) කොටුව අධිකරණය හමුවේ කැඳවන බවත්, එහිදී ඉදිරිපත් වන කරුණු අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බව කීය.

සියලු කරුණු සළකා බැලූ ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල  පෙත්සම   ලබන 23 වැනිදා සළකා බැලීමට දින නියම කළේය.

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එහි ස්ථානාධිපති, නීතිපති ඇතුළු 6 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා  ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , නීතීඥ  හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට  ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා, නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ රජයේ නීතීඥ අවන්ති පෙරේරා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.



අදහස් (0)

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 23 දා සළකා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 164 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2057 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1582 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site