( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 18 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කළේය.
මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උසස්වීම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් තමා අධිකරණයෙන් අපේක්ෂා කරන බව කියා සිටියේය.
එම අවස්ථාවේදී වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පති වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරයේ පළමුවන පෙත්සම්කරු පොලිස් නීති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත් මෙම නඩුවට අදාළ ලේඛන මේ දක්වා තමන්ට ලැබී නොමැති බවත්ය.
ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස නීතිඥ වර්ණසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමෙන් ඉල්ලා සිටින මෙම අතුරු තහනම් නියෝගයට අදාළ විරෝධතා අද ( 16) දින සිට සති තුනක් ඇතුළත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දෙන ලදී
විරෝධතා වලට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ද එතැන් සිට සතියක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම මැයි මස 18 වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
sharm warn Tuesday, 16 February 2021 09:52 AM
මෙතන තියෙන්නේ ඉරිසියාව පිළිබඳ ප්‍රශ්නයක්ද කියලා හිතෙන්නේ මට විතරද?
fairoos Tuesday, 16 February 2021 10:29 AM
කකුලෙන් ඇදීම...
ට ඉන්දික Tuesday, 16 February 2021 12:42 PM
ඒ අයටත් සුදුසුකම් තිබේ නම් ඉල්ලන එකනේ ඇත්තේ. මෙතැන ඇති සුවිශේෂි බව සලකා හරි මනුස්ස ගති ගුණයක් තිබේ නම් මෙවැනි නඩුවක් ගොනු නොකරනු ඇති..