විභාගයට ලියන්න විතරක් සාහිත්‍යය ඉගෙනීමෙන් ඵලක් නැහැ
සිංහල හා ඉංග්‍රීසි බසින් ශාස්ත්‍රීය ග්රන්ථ හා ලිපි ලේඛන රාශියක් සම්පාදනය කොට ඇති ආචාර්ය සිරිනමල් ලක්දුසිංහ මහතා ප්‍රවීණ කවියෙකි. කෙටි කතාකරුවෙකි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තනතුරද කැලණිය විශ්විවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපධි ආයතනයේ අධ්යක්ෂ තනතුරද දරා ඇති ඔහු 1969 සිට ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, බෞද්ධ හා පාලි යන විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කොට ඇත.