ජනතාව මුළාකරන මැතිවරණ පොරොන්දු
ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී ඡන්දදායකයන්ට ලබාදෙන පොරොන්දුවලට ඇත්තේ අපූරු ඉතිහාසයකි. තරමක අතීතයේ දී නිකම් හාල්දීම, හඳෙන් හෝ ගෙනැත් හාල්දීම, ධාන්‍ය රාත්තල් අටක් සතියකට ලබාදීම (මෙය වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූයේ ඇට අට වශයෙනි), ධර්මිෂ්ට පාලනයක් ඇති කිරීම (එය අවසන් වූයේ උතුරේත් දකුණේත් යුදගිනි ඇවිලීමෙනි.) වැනි පොරොන්දු විය. මෑත කාලයේ දී රුපියල් දහස් ගණනින් රජයේ සේවක වැටුප් වැඩි කිරීම, උපාධිධාරීන්ට රැකියා දීම, පොහොර නොමිලයේ දීම, බදු අඩු කිරීම්, තරුණ තරුණියන්ට