රජ කාලේ තීන්දු ගත් මහනුවර මඟුල් මඩුව නව රජයේ ඇමැති මණ්ඩලය අද (12) දිවුරුම් දෙයි. අභිමානවත් අයුරින් ඉතා චාමෙට දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේය. 12 August 2020
ජනතාව ඡන්දෙන් දුන් පණිවිඩය 2020 මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රථම ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව යම් යම් අනුමාන විවිධ පාර්ශවවලින් ලැබී තිබුණි. එහෙත් මේ සම්බන්ධව ප්‍රධානම අනුමානය කළ හැකිව තිබුණේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමගය. එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය යම් මහ මැතිවරණයක ප්‍රතිඵලයක් යැයි උපකල්පනය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන්නේ ආසන 127 කි. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 14 ක්ද සමගය. ඒ අනුව විපක්ෂයට ආසන 98 ක් ලැබිය යුතුව තිබුණි. 12 August 2020
ඇමැති මණ්ඩලයට සුබ පැතුම් සමඟ පණිවිඩයක් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දෙන කැබිනට් ඇමැතිවරුන් 28 දෙනාට සහ රාජ්‍ය ඇමැතිවරුන් 40 දෙනාට මුලින්ම අපගේ උණුසුම් සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමු. 12 August 2020
සරච්චන්ද්‍ර හිටියානම් අද මොනවා කියයිද? මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා යනු දේශීය නාට්‍ය කලාව, සාහිත්‍ය නිර්මාණ රචනය, විචාර කලාව ඇතුළු ක්ෂේත්‍ර බොහෝමයක තීරණාත්මක සංධිස්ථානයකි. එතුමන්ගේ 24 වැනි අනුස්මරණය මෙම මස 16 වැනිදා ට යෙදී තිබේ. 11 August 2020
ඡන්ද ගණනින් හැමදේම මනින්න බෑ ආණ්ඩුවේ ජය, ස.ජ. බලවේගයේ ජයග්‍රහණය, එජාපයේ පරාජය ගැන සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදීම පිළිබඳ ගැටලු හා ආණ්ඩු පාලනයේ ඉදිරි දැක්ම ආදී කරුණු රාශියක් ගැන කතාබහට අද එක්වන්නේ ස.ජ.බ. ජාතික ලැයිස්තු ධූරාපේක්ෂක ඉරාන් වික්‍රමරත්න මහතාය. 11 August 2020
දූෂණයට බරවූවන්ට ඇමැති පදවි දෙන්න එපා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කර ඇති ‘සෞභාග්‍යයේ දැක්ම’ මගින් ප්‍රකාශිත දේශහිතෛශී වැඩපිළිවෙළ බලගන්වා මහජනතාවගේ යහපත් අභිලාෂයන් සාක්ෂාත් කිරීමට නම් ආදර්ශවත් වියත්, බුද්ධිමත් රටට හා ජනතාවට අවංක දක්ෂ සුපිළිපන් පුද්ගලයන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයක් පත්විය යුතු යැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 11 August 2020
පොහොට්ටු විජයග්රහණ රහස මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණයකි. මුලින්ම කිවයුත්තේ පුරවැසියන් හැටියට ශ්‍රී ලාංකික ජනතාවට එකී ජය හිමිව ඇති බවයි. එහි ගෞරවය හිමි විය යුත්තේ රටේ පාලකයා වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවටය. 07 August 2020
ජනතා තීන්දුවට ගරු කරමු මෙරට නව වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා ගැනීමේ මහ මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබේ. ඉදිරි පස් වසර රට පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි සාහිතශය බහුතරයක් ජනයා තීන්දු කළ කඳවුර ජයග්‍රහකයා බවට පත්වනු ඇත. ඒ ජයග්‍රාහී කඳවුරට අපගේ ශුභාශිංෂණ පළමුව පිරිනමමු. 07 August 2020
කොරෝනා කතා මැද ප්රජාතන්ත්රවාදය සොයායෑම “නටන එළදෙනගෙන් නටමින්ද, ගී කියන එළදෙනගෙන් ගී කියමින්ද කිරි දෙවිය යුතුය යනු සම්ප්‍රදායික දමිළ භාෂිත කියමනකි. මින් වරනගන්නේ කුමක්ද? සමාජ සැකැස්මට අනුරූපව හැසිරීම හා ක්‍රියාකළ යුතු බවය. මෙරටේ මැතිවරණ කොමිෂන් සභාව ද මැතිවරණය පැවැත්වීම සඳහා ගන්නා ලද උත්සහය එවැනිය. 06 August 2020
කොස්ගොඩ සුජී - කොස්ගොඩ තාරක නයි වෛරය හෙරොයින් වෙළෙඳාමෙන් ගොඩනැගුනේ “පාතාලය” ය. අද වන විට පාතාලයත් හෙරොයින් ජාවාරමත් යන දෙක එක හා සමානවම සමාජයේ යහපැවැත්ම විනාශ කිරීම සඳහා විශාල බලපෑමක් එල්ල කරන්නට වී ඇත. වසර තිහක කුරිරු යුද්ධයෙන් පසු මුළු මහත් සමාජයම භීතියට පත්කරන්නෝ මේ පාතාල අපරාධකරුවෝය. එදා කඩු කිනිසිවලින් ඩප්පියෙන් පටන් ගෙන කරලියට ආ මොවුන් දැන් දැන් සන්නද්ධ වී සිටින්නේ නවීන පන්නයේ ආයුධවලිනි. 06 August 2020
හරිමග ගියොත් දිනුම් මහ මැතිවරණය පවත්වා අවසන්ය. ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ අදයි. ලැබෙන ප්‍රතිඵල අනුව කුමන පක්ෂයක් බලයට පත්වේවිදැයි අපි නොදනිමු. කුමන පක්ෂයක් බලයට පත් වුවද මුහුණදීමට සිදුවන අභියෝග රාශියකි. කොරෝනා වසංගතයෙන් රට තුළ සහ ලෝකයේ නිර්මාණය කර ඇති පසුබිම එම අභියෝග තවත් සංකීර්ණ කර තිබේ. 06 August 2020
කරමුලින් කැඩිය යුතු අලුත්ම තාලේ සොරකම් අඹ ගසකින් ගෙඩි කැඩීම වරදක් නොවේ. එහෙත් අඹ ගස අයිති තමාට නොව අන් අයකුට නම් එය වරදකි. එහෙත් ඒ වැරැදි බරපතළ අපරාධ ගණයට වැටෙන්නේ නැත. එහෙත් අඹ ගසින් පිරි වත්තකට බලහත්කාරයෙන් ඇතුළු වී ලොරි ගණනින් පලදාව කඩාගැනීම බරපතළ සොරකමකි. බලහත්කාරකම පෙන්වීමකි. දැඩිව දඬුවම් ලැබිය යුතු අපරාධයකි. තංගල්ල මාරකොල්ලියේ පෞද්ගලික සමාගමකට අයත් අඹ වත්තක පසුගියදා මේ ආකාරයේ සොරකමක් සිදුව තිබිණි. 06 August 2020
ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් කොරෝනා ෆ්‍රී පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (5) පැවැත්වේ. මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ දහසය වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. මෙතෙක් පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණ සියල්ලටම වඩා මෙවර මැතිවරණය සුවිශේෂීය. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ මෙවර මහ මැතිවරණය රටට අභියෝගයකි. එම අභියෝගය ජයගන්නා ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ක්‍රියාවලිය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. 05 August 2020
උදෙන්ම ගොස් ඡන්දය දාන්න මේ රටේ ඡන්දදායකයා රජ වෙන හෝරාව එළැඹ තිබේ. එහි වටිනාකම අවබෝධ කර ගනිමින් අද (05) උදෑසනින්ම සූදානම් වී ඡන්ද පොළට ගොස් තම ඡන්දය ප්‍රකාශ කිරීම සියලු ඡන්දදායකයන්ගේ වගකීම වෙයි. වෙනදා මෙන් නොව මෙවර ඡන්ද පොළේදී තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැනක් දීමට ද අමතක නොකළ යුතුය. තමන්ගේ ආරක්ෂාව සෙසු සියලු දෙනාගේම ආරක්ෂාව ද වන බැවිනි. 05 August 2020
විභාගයට ලියන්න විතරක් සාහිත්‍යය ඉගෙනීමෙන් ඵලක් නැහැ සිංහල හා ඉංග්‍රීසි බසින් ශාස්ත්‍රීය ග්රන්ථ හා ලිපි ලේඛන රාශියක් සම්පාදනය කොට ඇති ආචාර්ය සිරිනමල් ලක්දුසිංහ මහතා ප්‍රවීණ කවියෙකි. කෙටි කතාකරුවෙකි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තනතුරද කැලණිය විශ්විවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපධි ආයතනයේ අධ්යක්ෂ තනතුරද දරා ඇති ඔහු 1969 සිට ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, බෞද්ධ හා පාලි යන විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කොට ඇත. 04 August 2020
මිනිබිරියගේ මඟුල් ගෙදරට කොස් මාමාගෙන් කොස් ඇට මාමා යනුවෙන් හැඳින් වූ අභාවප්‍රාප්ත ආතර් වී. දියෙස් මහතාගේ 60 වැනි ගුණානුස්මරණය ඉකුත් 31 වැනිදාට යෙදිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 04 August 2020
ගනු දෙනු ඡන්දය සදාචාරද? ලංකාවේ දේශපාලන සදාචාරය හා සංස්කෘතිය කාගේත් නිතර කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම ලිපිය ඒ පිළිබඳව ආචාර්ය ජානකී ජයවර්ධන සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූවකි. 04 August 2020
මැතිවරණ සමයේ නීතිගරුක වෙමු සියලුම මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට තහනම්ය. කිසියම් ක්‍රියාදාමයකට අදාළව නීති පැණවෙන්නේ එම ක්‍රියාදාමය විධිමත් කිරීම සඳහාය. එම ක්‍රියාදාමයෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගත හැකිවන්නේ එම ක්‍රියාදාමය විධිමත් වීමෙන් පමණි. මැතිවරණ ක්‍රියාදාමයට අදාළව නීති පනවා තිබෙන්නේ ද ඒ අර්ථයෙනි. එම නීතිය එයට හිමි නිසි අරුතෙන් හඳුනාගෙන ක්‍රියාත්මකවීම සෑම දේශපාලන පක්ෂයක මෙන්ම සෑම අපේක්ෂකයකුගේම හා ආධාරකරුවකුගේ වගකීමය. 04 August 2020
දේශපාලක පුරවැසි වගකීම කෙසේද? ශ්‍රී ලාංකික පුරවැසියා තම රටේ අනාගතය තීරණය කරන මහ මැතිවරණයකට මුහුණදීමට සූදානමින් සිටී. මැතිවරණයක් යනු ජනතා කැමැත්ත විමසා බැලීමයි. රටක පරමාධිපත්‍ය බලය රඳා පවතින්නේ ජනතාව මතයි. තම රටට සුදුසු පාලකයන් පත් කරගැනීමේ පූර්ණ බලය සහ අයිතිය ඇත්තේ එරට පුරවැසියන්ටය. පස් වසරකට වරක් හෝ වසර කිහිපයකට වරක් ජනතාවට තම පරම අයිතිය වන ඡන්ද බලයෙන් සුදුසු පාලකයන් පිරිසක් තෝරා පත් කරගැනීමේ අවස්ථාවක් උදා වෙයි. එය නිසි ලෙසින් ප්‍රයෝජනයට ගැනීම ජනතාවගේ වගකීමයි. 03 August 2020
රාජ්‍ය සේවයේ අල්ලස දූෂණය පිටුදකිමු සුරාබදු නියාමනය සිදුකෙරෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් මගිනි. එවැනි දෙපාර්තමේන්තු, ආයතන ඇතුළු රාජ්‍ය සේවය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා අප්‍රමාණය. ඒ හේතුවෙන් රජයේ කාර්යාලයකින් කිසියම් සේවාවක් ලබාගැනීමට පැමිණෙන රටේ සාමාන්‍ය ජනතාව විවිධ කරදර හිරිහැරවලට ලක්වෙති. අතමිට මොලවා මුදලක් එහෙ මෙහෙ විසිකිරීමෙන් තොරව ඇතැම් විට තමන් බලාපොරොත්තු වන සේවාව ලබාගැනීමට ඔවුන්ට අවස්ථාවක් නැත. 03 August 2020
ඡන්දය කට ළඟ මහ මැතිවරණයට තවත් ඇත්තේ දින පහක පමණ කාලයකි. මැතිවරණ ප්රචාරක කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ සියලු ප්‍රචාරණ කටයුතු ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවය. 31 July 2020
පාතාලය - කුඩු ජාවාරම් මර්දන පෙළගැස්ම අගයමු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය විකිණීමේ, බෙදා හැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමක යෙදුණු විශේෂිත මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 31 July 2020
ඡන්දය දෙන හැටි කොමිසමෙන් මහ මැතිවරණයට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. මැතිවරණ කොමිසම ලහි ලහියේ සූදානම් වන්නේ ඡන්ද විමසීම නිසි ක්‍රමවේදයට හා සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමටය. 24 July 2020
රාජ්‍යය බද්දට දී දත නියවීම කොරෝනා වසංගතය පාලනය කරමින් සිටින රටවල් අතුරින් ලංකාව සිටින්නේ බොහෝ ඉදිරියෙන් ය. එහි ගෞරවය යා යුත්තේ ආණ්ඩුවට නොව රාජ්‍යයට යැයි කියූ විට ඇතැම් අයගේ සිත් රිදෙන්නට පුළුවන. එහෙත් කලබල නොවන්න. මන්ද ආණ්ඩුව යනු රාජ්‍යයේ සිව්වැනි කුලුනය. ඒ නිසා අර ගෞරවයෙන් කොටසක් ආණ්ඩුවට යෑම වැළක්විය නොහැකි දෙයක් ය. දේශපාලන විද්‍යාවේ අති සරල එහෙත් අති මූලික තැනකින් අපි මෙවර ලිපිය පටන් ගනිමු. 24 July 2020
නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නෑ අඟුලාන පොලීසිය සහ පළාතේ මහජනතාව අතර ගැටුම්වලට ඉතිහාසයක් තිබේ. එය අඳුරු ය. අමිහිරිය. දැනට ටික කාලයකට ඉහත දී අඟුලානේ තරුණයන් දෙදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව චෝදනා එල්ල විය. ඒ පිළිබඳ අධිකරණයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව ඔවුහු සිරදඬුවම් ලැබූහ. එම සිද්ධියේදී ද අඟුලාන පොලීසියට එරෙහිව නීතිය අතට ගත් ප්‍රදේශවාසීහු පිරිසක් පොලීසියට පහර දුන්හ. 24 July 2020
ආරක්ෂක ලේකම්ටත් අභියෝග කරන හිරේ අයියලා “බූස්ස බන්ධනාගාරය” දැන් පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරගතව සිටින “පාතාල කෙරුමෝ” බුරුතු පිටින් බූස්ස බන්ධනාගාරයට එකතු කරන්නට බලධාරීන් මේ වනවිට පියවරගෙන තිබීම ඊට හේතුවයි. 23 July 2020
දිවියම සිනහවෙන් ගෙවූ පුංචි මල්ලී හිටපු ඇමැතිවරයකු වූ ධර්මසිරි සේනානායක මහතාගේ 20 වැනි ගුණානුස්මරණය (හෙටට) 24 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 23 July 2020
හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ සහරාන්ගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරීන් වූ ආමි මොහිදීන්, මොහොමඩ් රිල්වාන් හා මොහොමඩ් සයිනි සැඟව සිටිනා ස්ථාන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළත් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන තෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ බව අම්පාර ප්‍රදේශය භාර බුද්ධි අංශ නිලධාරියෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (22 වැනිදා) පැවසීය. 23 July 2020
ආර්ථිකය පල්ලමට ආවේ ඇයි? මෙරට ආර්ථික වර්ධන වේගය, දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම වැනි ආර්ථික සාධක සම්බන්ධයෙන් 2015 සිට පවතින්නේ සතුටුදායක තත්ත්වයක් නොවේ. ඇත්තෙන්ම ඒ සියල්ලෙහි පවතින්නේ කඩා වැටීමකි. එසේ වූයේ ඇයි සහ ඒ තත්ත්වයෙන් ගොඩ ඒමට කළ යුත්තේ මොනවාදැයි අපි මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා සමග සාකච්ඡා කළෙමු. ඒ මහතා කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වන අතරම ප්‍රායෝගික ආර්ථික විද්‍යාඥයකු ලෙස ද ප්රකටය. 23 July 2020
පී.එච්.අයි.වරුන් සහායත් කොරෝනා සටනට අවශ්‍යයි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (පී.එච්.අයි.)ගේ සංගමය අතර කඹ ඇදිල්ල තවම නිමාවක් නැත. එයට විසඳුමක් විය හැකිව තිබූ අදාළ ගැසට් පත්‍රය ගැටලුවට විසඳුම් ලබා දීමක් නොව එය තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත් කර ඇති බව පෙනෙන්නට තිබේ. මේ ගැටලුවේ අනෙක් පාර්ශ්වය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ අනිසි බලතල ඉල්ලමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අත්තනෝමතික ලෙස කටයුතු කරන බවටය. 23 July 2020
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026