ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාව
වැස්ස මඳකට තුරල් වුව ද ව්‍යවස්ථා වැස්ස නම් තුරල්වෙන පාටක් නැත. ඒ වැස්ස මොර සූරන ගාණට ය. වාද විවාද, ප්‍රවාද, පුවත් සාකච්ඡා එමටය. කට මැත දෙඩවීම් ද ඒ අතර ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍යයක උත්තරීතර නීතිය සහ ප්රතිපත්තියයි. රජයේ මූලික දේශපාලන ක්‍රමය/පද්ධතිය, ආණ්ඩුවේ ආයතනවල ව්‍යුහය, පටිපාටි, බලතල, සහ වගකීම් මෙන්ම රාජකාරි සහ මූලික අයිතිවාසිකම්, මඟ පෙන්වීමේ මූලධර්ම සහ පුරවැසියන්ගේ යුතුකම් යනාදිය පිළිබඳ වපසරි සහ සීමා ඒ තුළ අඩංගු වේ.