ගොවියා නංවන වස විස නැති කාබනික ගොවිතැන
රජය විසින් කෘෂිකර්මාන්තය කාබනිකකරණයට ලක් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට එරෙහි විශාල සංවාදයක් පවතියි. මෙයට එරෙහිව පිරිස් ඉදිරිපත් කර ඇති ප්‍රධාන තර්ක දෙක නම්, නිමවුම අඩුවීමෙන් විශාල ආර්ථික සහ සමාජ ව්‍යවසනයක් ඇති වන බව (පරිභෝජනය, නිෂ්පාදනය, ඒහා සම්බන්ධිත පුද්ගලයන්) සහ ගොවීන්ගේ ආදායම් පහළ යන අතර එසේ පහළ යාමෙන් ජනගහනයෙන් අතිමහත් කොටස වූ ගොවිජනතාව ආර්ථික පීඩාවකට සහ අන්ත දූගීබවට පත්වන බව යි.