ආර්ථිකය යුගයට ගැලපීම
ණය ආපසු ගෙවීම නතරකර වසර දෙකක් ගත වී තිබේ. දරුණු අර්බුදයකට පත්ව තිබුණ ශ්‍රී ලංකාව තරමක් හිස ඔසවා සිටී. ඉන්ධන, විදුලිය සහ ගෑස් බාධාවකින් තොරව සැපයේ. ජනතාව මුහුණ පෑ ප්‍රශ්නවලට කිසියම් අස්වැසිල්ලක් ලැබී තිබේ. රට ස්ථාවර කරන සැලැස්මක්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හඳුන්වාදුන් අතර ඉන්දියාව, චීනය ඇතුළු රටවල් ගණනාවක් දුෂ්කර කාලවකවානුවේ දී ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර වැදගත් පිටුවහලක් විය. තවදුරටත් බිඳ වැටීමෙන් වළකාගෙන, ස්ථාවර කරගත් ආර්ථිකය වර්ධනයකට හැරවිය යුතුවේ