අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි. සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය ප්‍රධාන වශයෙන් සමාජ විද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත වූවකි. පුද්ගලයා සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික වශයෙන් කටයුතු කරන විට විවිධ ප්රතිවිරෝධතා ඇති වීම සාමාන්‍ය තත්වයකි.