අප සතුව ඇති ප්‍රධානතම වංශ කතාව සහ ප්‍රමුඛතම සාහිත්‍ය මූලාශ්‍රය ලෙස සැලකෙන මහාවංශය දෙමළ බසට නැගීමේ භාරධූර කටයුත්ත මේ වන විට ආරම්භ වී තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ හිටපු අංශ ප්‍රධාන මහාචාර්ය එස්. ජේ. ජෝගරාජා සහ ආචාර්ය ධම්මික ජයසිංහ යන විද්වතුන්ගේ ප්‍රමුඛත්වයෙන් මෙම කටයුත්ත සිදුවේ.
මතු දැක්වෙන්නේ මෙරට භාෂා සාහිත්‍ය ක්ෂේත්‍ර උදෙසා සිංහල දෙමළ භාෂා අන්‍යොන්‍ය වශයෙන් කවර අන්දමේ බලපෑමක් කරන ලද්දේ ද යන කරුණ සැලකිල්ලට ගනිමින් මහාචාර්ය යෝගරාජා සමග අප කළ සංවාදයක සටහනකි.
• මෙරට ප්‍රමුඛතම වංශකතාව ලෙස සැලකෙන මහාවංශය කෘතිය දෙමළ බසට නැගීමට කල්පනා කළේ ඇයි? මහාවංශය සම්බන්ධයෙන් ඔබේ නිරීක්ෂණ කෙබඳු ද?
මෙම පරිවර්තනය සිදු කෙරෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මහාවංශ කාර්යාලයෙන් ලැබුණු ආරාධනාවකට අනුවයි. ආචාර්ය ධම්මික ජයසිංහ මහතාත් මමත් මේ කාර්යය දැන් ආරම්භ කොට තිබෙනවා. මගේ අදහස අනුව නම් මහාවංශය ඉතිහාස ග්‍රන්ථයකට වඩා ළං වන්නේ සාහිත්‍ය කෘතියකටයි. ඒක බොහෝ දෙනෙක් පිළිගන්න අකමැතියි. සාහිත්‍ය කෘතියක සත්‍ය වගේම පරිකල්පනාත්මක වර්ණනා ආදියත් දකින්න පුළුවන්. ඒ ඇසුරින් ඉතිහාස තොරතුරු දැනගන්න පුළුවන්. ඒත් සම්පූර්ණ ඉතිහාස තොරතුරු නොවෙයි.
• මහාවංශයේ පාලි කෘතියම ඇයි මේ පරිවර්තනය සඳහා තෝරා ගත්තේ ?
මහාවංශ පාලි කෘතිය පරිවර්තනය කිරීම ඉතාම අසීරුයි. සංකීර්ණයි. ඒක දුෂ්කර වැඩක්. ඒත් මහා වංශයේ සිංහල පරිවර්තනයයි පාලි කෘතියයි සසදලා බලනකොට මේ දෙක අතරේ බොහෝ වෙනස්කම් තිබෙනවා. මහාවංශය සිංහලට නගා තිබෙන්නේ ඉංග්‍රීසි පරිවර්තනය අනුවයි. ඒ වෙනස්කම් අවම කර ගැනීමටයි මහාවංශය පාලි කෘතියම දෙමළ බසට නැගීමට කල්පනා කළේ.
• මෙරට භාෂා පෝෂණයේ දී සිංහල දෙමළ භාෂා අන්‍යොන්‍ය වශයෙන් බලපෑ ආකාරය ඔබ හඳුනා ගන්නේ කොහොමද ?
මෑතක සිට දෙමළ සමාජය පිළිබඳ කතා කිරීමේ දී උගත් සමාජය ඇතුළෙ දමිළ කියන වචනය භාවිත කරන බව පෙනෙනවා. ඒත් දමිළ කියන්නෙ පාලි භාෂාවේ වචනයක්. එහෙම නම් අපි දිගටම පාලි බසම යොදාගන්න ඕනෙ. දෙමළ කියන වචනය හරි අපූරුවට පැරණි සමාජය භාවිත කළා. දෙමළ මහා සෑය කියන වචනෙ දමිළ මහා සෑය කියල යෙදුවෙ නෑ. සිංහල සංස්කෘත පාලි හා දෙමළ භාෂා ඈත කාලයේ සිට අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වූ බව අමතක නොකළ යුතුයි.
• ඔබ කියන්නේ පාලි සංස්කෘත හා දෙමළ වදන් ඉවත් කළොත් සිංහල භාෂාවක් ගැන කතා කළ නොහැකි බව ද?
ඇත්තටම ඔව්. ඒක ජාතීන් අතර කාලයක් තිස්සේ සහජීවනයෙන් ගොඩනැගුණ එකක්. සියයට හතළිහක් පමණ දෙමළ වචනවල බල්පෑම සිංහලයට ලැබිල තියනවා. ඒක ජන ජීවිතයත් සංස්කෘතික ජීවිතයත් එක්ක වර්ධනය වුණු බව පැහැදිලියි. විජයගේ පැමිණීමට පෙර මේ රටේ ජනතාව කතා කරපු භාෂාවක් තිබුණා. ඒ පැරණි බස සිංහල හා ලාංකික දෙමළ භාෂා ලෙස වර්ධනය වීමට හේතු වුණා. සංස්කෘතික ජීවිතයේ කෑම බීම, කතා බහ ආදිය බැලුවත් සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් භාවිත වූ වචනවල බොහෝ සමානකම් තියෙනවා. වචන මාලාව හා ව්‍යාකරණය ගත්තත් එහෙමයි. ඒ නිසා ලංකාවේ සිංහල හා දෙමළ සමාජය භාෂාත්මකව බැලුවත් සංස්කෘතික අතින් බැලුවත් දෙකඩ කරන්න බෑ. ඒක ලාංකිකයි.
• ඔබ කියන්නේ ව්‍යවහාරය අනුව ලෝකයේ වෙනත් රටවල භාවිත වන දෙමළ භාෂාවලින් වෙනස් වූ අනන්‍යතාවක් ලංකාවේ භාවිත වන දෙමළ භාෂාවට තිබෙන බවද ?
පැහැදිලිවම. ලංකාවේ කතා කරන දෙමළ භාෂාව ලෝකෙ වෙන කොහෙවත් නෑ. එය ඉන්දියාවේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ ජනතාව කතා කරන දෙමළ භාෂාවෙන් වෙනස් වූ එකක්. දෙමළ බසෙහි පැරැණි මුහුණුවර වෙනස් වෙලා දැන් එය ලංකාවට ආවේණික හැඩයක් අරගෙන තිබෙනවා. වචන අනුවත් ශබ්ද අනුවත් වාක්‍ය අනුවත් වෙනස්. එයින් පෙනෙන්නේ එක් එක් භාෂාවට අනන්‍ය ශබ්ද රීතියක් පවතින බවයි. සමහර ශබ්ද සිංහල දෙමළ භාෂා දෙකේම දකින්න පුළුවන්. සිංහලේ නැති සමහර ශබ්ද දෙමළයේ නැහැ. දෙමළයේ තියන සමහර ශබ්ද සිංහලයේ නෑ. මේ අනන්‍ය භාෂා ශබ්ද රීතිය නොදන්න අය දෙමළ සිංහල විදිහට ලියනවා. සිංහල දෙමළ විදියට ලියනවා. සිංහල දෙමළ සංස්කෘත මිශ්‍ර කරල ලියනවා.
ඉන්දියාවේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ දෙමළ භාෂාවල දැකිය නොහැකි ලංකාවට අනන්‍ය පැරණි වචන තවමත් උතුර නැගෙනහිර ප්‍රදේශවල දකින්න පුළුවන්. ඒත් මේ වචන ටිකෙන් ටික නැතිවේගන යනවා. ඒක හරිම කනගාටුදායකයි. ඒවා ලංකාවට ආවේණික වචන.
අනෙක් පැත්තෙන් සිංහල සමාජයේ ප්‍රාදේශීක ව්‍යවහාර ක්‍රමයෙන් අභාවයට යාම භාෂා අනන්‍යතාවට බලපෑම් කරනවා. ඒක කනගාටුවට කරුණක්. සිංහල දෙමළ සංස්කෘතික අංගවලටත් මේ තත්වය බලපා තිබෙනවා. පොදු ජනතාව අතර භාවිත වූ දකුණේ භාෂාවයි උතුරේ භාෂාවයි ලෝකේ වෙන කොහෙද තියෙන්නෙ? දැන් සමහර අයට තමන්ගෙ ප්‍රදේශයේ අනන්‍ය මවු භාෂාව ප්‍රසිද්ධියේ කතා කරන්න ලැජ්ජාවක් වගේ තියනවා. මේක උතුරේ අයටත් තියනවා. දකුණේ අයටත් තියනවා. ලංකාවට ආවේණික වූ සිංහල දෙමළ භාෂා දෙකෙහි විවිධත්වය අපි රැක ගන්න ඕනෙ. ඒක ලෝකෙ වෙන කොහේවත් නෑ.
• මෙරට සහජීවනය ගොඩ නැගීමට සිංහල හා දෙමළ භාෂා අවබෝධය කොයි තරම් වැදගත් වෙනවාද ?
භාෂාව තරමටම ආකල්පයත් වැදගත්. ඒ ආකල්පය ගොඩ නැගීම දේශපාලකයන්ගේත් වගකීමක්. ඒත් අපේ රටේ සිංහල ගත්තත් දෙමළ ගත්තත් මුස්ලිම් ගත්තත් වැඩිපුරම ඉන්නෙ ජාතීන්ගේ නායකයන් මිස ජාතික නායකයන් නොවෙයි. ඒත් අපට ඕනෙ ජාතික නායකයො. ඉන්දියාව මේක කළා. ජාතිය කුමක් වුවත් ඉන්දියානු කියන මතය හදලා තියනවා. මේක ලංකාවෙ සිද්ධ නොවුණේ ආකල්ප දූෂණය නිසයි. ඒක හදන්න නම් කුඩා දරුවන්ගෙන් පටන් ගන්න ඕනෙ.
• අධ්‍යාපන මාධ්‍ය පළමු වසරේ සිටම ඉංග්‍රීසි බවට පත්කිරීමේ යම් යම් සාකච්ජා පසුගිය දිනවල කරළියට ආවා. එසේ කිරීමෙන් සිංහල දෙමළ මවු භාෂාවලට ඇතිවන බලපෑම ගැනත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
සමාජ හා මානව විද්‍යාඥයන් විශේෂයෙන් පෙන්වා දීල තියනවා දරුවෙකුට මවු භාෂාවෙන් ඉගෙන ගත්තොත් තමයි ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලැබෙන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ වෙනත් භාෂා ඉගන ගන්න එපා කියලා. ඒත් අධ්‍යාපන මාධ්‍ය මවු භාෂාව විය යුතුයි. විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ දී. ඒත් අපි කරන්නෙ මොකද්ද? ගෙදර කතා කරනව සිංහල හෝ දෙමළ. මනස හදන්න හදනව ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි උගන්නන ඕනෙ. ඒත් ඒ මවු භාෂාව නොතකා හැරලා නොවෙයි.
(***)
සංවාද සටහන
ගාමිණි කන්දේපොළ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මවු භාෂාව ලජ්ජාවක්ද?
පාඨකයෙක් Wednesday, 22 May 2024 09:07 AM
"පැහැදිලිවම. ලංකාවේ කතා කරන දෙමළ භාෂාව ලෝකෙ වෙන කොහෙවත් නෑ. එය ඉන්දියාවේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ ජනතාව කතා කරන දෙමළ භාෂාවෙන් වෙනස් වූ එකක්..." මෙම හේතුව නිසා මෙරට දෙමළ භාෂා සිසුන්ට සහ පාඨකයන්ට පරිශීලනයට ලැබෙන පොත් සීමිතය. ආනයනය කළ පොත්වල භාවිතා කර ඇති දෙමළ භාෂාව, මෙරට සිසුන්ට පාසලේදී උගන්වන දෙමළ භාෂා රටාවට අසමාන බැවින් එම පොත් භාවිතා කිරීමට ගුරුවරු ද මැලිකමක් දක්වති. එබැවින්, මෙරට දරුවන් වෙනුවෙන් දෙමළ ළමා කතා සහ නව යොවුන් සාහිත්‍ය කෘති රචනයට සහ ප්‍රකාශනයට අවධානය යොමු කිරීම කඩනමින් කළ යුතුය.
pakeer Thursday, 23 May 2024 09:21 AM
ඔව් මට නම් සිංහල භාෂාව ලැජ්ජාවක් කියන්න හේතු බොහෝයි...
සමන් විමල් Thursday, 23 May 2024 11:14 AM
නමට ඉදිරියෙන් ගොන් කියන කෑල්ල දැම්මාම හිතා ගන්න පුලුවන් .