IMG-LOGO

ලොරියෙන් බැහැලා කතකට අමුතු දෙයක් පෙන්වලා

(හෝමාගම ප්‍රියන්ත ජයලත්)
බස්නැවතුම්පළේ සිටි කාන්තාවකට රහසඟ පෙන්නූ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරකඩ රණාල පාරේ පදිංචි වෙළඳ ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි. එම පුද්ගලයා අතුරුගිරියේ සිට ගොඩගම දෙසට ලොරියකින් ගමන් කර සිට ඇති අතර අතුරුගිරිය ගොඩගම මාර්ගයේ අතුරුගිරිය පොලිස් ස්ථානයට ආසන්නව ගොඩගම දෙසට ගමන් කරන බස් රථ නැවතුම්පොළක සිටි කාන්තාවක් ආසන්නයේ සැකකරු ලොරිය නවතා බැස එම කාන්තාවට පෙනෙන ආකාරයට මුත්‍රා කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


ඒ අනුව එම කාන්තාව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී තමන් දියවැඩියා රෝගියකු බවත් එම නිසා මුත්‍රා කිරීම සඳහා ඒ අසල නැවතුණු බවත් සැකකරු පොලිසියට පවසා ඇත.


සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති සංජීව මහානාම මහතාගේ උපදෙස් මත පැවැත්වේ.



අදහස් (0)

ලොරියෙන් බැහැලා කතකට අමුතු දෙයක් පෙන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site