මෙරට ප්රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුලංකා සමාගම වෙත ෆිජි දූපත්හි බුකා ගම්මානයේ ඉදිකරන කිලෝවොට් 100ක (100kW ) කුඩා ජල විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා වන අනුමැතිය ලැබුණු බව පවසයි.
එරට බලශක්ති - මහජන කටයුතු, කාලගුණිකවිද්යා සේවා සහ ප්රවාහන දෙපාර්තමේන්තුව හරහා මෙම අනුමැතිය ලැබී ඇති අතර, එහිදී ජාත්යන්තර ඉංජිනේරුමය කටයුතු, ප්රසම්පාදන සහ ඉදිකිරීම (EPC) යටතේ මෙම කොන්ත්රාත්තුව පිරිනැමෙන බව සඳහන් වෙයි.
ඒ අනුව අදාළ කිලෝවොට් 100 ක කුඩා ජල විදුලි බලාගාරයේ නිර්මාණය, සැපයුම්, ස්ථාපිත කිරීම සහ මෙහෙයුම් පවත්වාගෙන යාම විදුලංකා වෙත පැවරී තිබේ. මෙම කොන්ත්රාත්තුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.35 ක් (ඩොලර් 1,350,000ක්) ලෙස හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd