- පෝර්ට් සිටියේ මූල්ය දිස්ත්රික්කයේ ඉදිකරන මෙය මිශ්ර සංවර්ධන ව්යාපෘතියක්
කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ මූල්ය දිස්ත්රික්කය තුළ සිදු කරන නවතම මිශ්ර සංවර්ධන ව්යාපෘතියක් වෙනුවෙන් ප්රයිම් ලෑන්ඩ් සහ මෙල්වා සමූහය එක්ව පසුගියදා කොළඹ වරාය නගරයත් සමගින් වන එකඟතාවකට (SPA – Sales and Purchace Agreement) පිවිසි බව පවසයි.
ඒ අනුව මෙය කොළඹ වරාය නගරය සංවර්ධනයේ තවත් සංවිධානයක් ලෙස සටහන් වන බවත්, විශේෂයෙන්ම මෙම ව්යාපෘතිය හරහා වරාය නගරයේ මූල්ය දිස්ත්රික්කය ව්යාපාර, ආයෝජන සහ නවීනතම නාගරික ජීවිතයක් සඳහා අවශ්ය වන සහයෝගය ලබා දෙන බවත් එම වරාය නගරය සඳහන් කරයි.
මෙහිදී ප්රයිම් මෙල්වා (පෞද්) සමාගම යටතේ මෙම ව්යාපෘතිය සැලසුම් කර තිබේ. එම සමාගම කොළඹ වරාය නගරයේ ක්රමෝපායික වැදගත්කමක් සහිත ප්රාථමික ව්යාපාරයක් ලෙස කැබිනට් අනුමැතිය හිමිවූ සමාගමකි. වාර්තා සඳහන් කරන ආකාරයට මෙම නවතම මිශ්ර සංවර්ධන ව්යාපෘතිය සඳහා එම සමාගම එක්සත් ජනපද ඩොලර් 112.2 ක සහ රුපියල් බිලියන 15.9 ක ආයෝජනයක් සිදු කිරිමට නියමිතව තිබේ.
ප්රයිම් මෙල්වා (පෞද්) සමාගම මේ වනවිටත් කොළඹ වරාය නගරයේ ප්රයිම් මරිනා සුඛෝපභෝගී නිවාස ව්යාපෘතිය ආරම්භ කර ඇති අතර, එහි ආයෝජනය ඩොලර් මිලියන 57.6 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd