ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සහ ඩුබායි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන්ගමන් ක‍්‍රියාත්මත කිරීම අද පෙරවරුවේ සිට ආරම්භ කරනු ලැබීය.
එම ගුවන්සේවයට අයත් එෆ්.ඉසඞ් 551 දරන ගුවන්යානය නිළ වශයෙන් ගුවන්ගමන් අරඹමින් අද උදෑසන 7.05 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලගා විය.
සතියට දින තුනක් ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සිට ඩුබායි අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
ලබන ජූලි මස සිට මෙ සතියකට දින හතරක් මත්තල සහ ඩුබායි අතර ගුවන් ගමන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් හිතනවකෝ, කටුනායක මොකක් හරි හින්දා වහන්න වුනොත් එක දවසක් හරි, පැරෂුට් වලින්ද බහින්න වෙන්නේ? අඩුම ගානේ අළුත්වැඩියාවකටවත් වහන්න පුලුවන්ද?(නදී)
ඕනෑම රටක ජාත්‍යන්තර ගුවන්තොටවල් 2ක් හෝ වැඩිගණනක් තියනවා. ජනාධිපතිතුමා මොනවා කෙරුවත් සමහරුන්ට වරදක් කියනවා. මම කැමතියි කොළඹට ෆ්ල්යිට් එනවට මම කොළඹ නිසා. නමුත් දකුණට ලග අයට මෙය පහසුවක් (නි)
ඔහොම හිතල තමයි ඔය හැම දෙයක්ස පටන් ගත්තේ, මිහින් ලංකා, හම්බන්තොට වරාය, දැන මේක. පටන් ගන්න ඉස්සෙල්ල මේවා හරි වැඩද කියල හොයල බලන්න ඕනේ.(නදී)
කාටද ආඩම්බර
මත්තල හදන්න විශාල මුදල් සම්භාරයක් වයවුන එක ඇත්ත. හැබැයි දියුණු කරලා ගත්තා නම් විශාල මුදලක් ඉතුරු කරගන්න තිබුනා. දැන් කරන්න තිබෙන්නේ හදපු එක කොහොම හරි දියුනු කරලා රටේ දියුනුවට යොදාගන්න එකයි (නි)
දෙවැනි ගුවන් තොටුපොල හොඳයි. මගේ අදහස මෙය හදන්න තිබුනේ ත්‍රිකුණාමලය ආසන්නයේ. (නි)
දැන් තියන ගානට ඔහෙලට කාර් දෙකක් ගන්න පුළුවන් වෙයි අමාරුවෙන් හරි. ඒත් හිතන්න එපා තව අවුරුදු 10 කින් ඒ ගානටම දෙකක් ලැබෙයි කියලා. ඒ හින්දා අමාරුවෙන් හරි තව ගුවන්තොටුපොළක් හදාගත්තු එක ලොකු දෙයක්. අනාගතේදී අපට ගුවන්තොටුපොලවල් දෙකක් නැතුවම බැරිවෙයි සමහර වෙලාවට.(නදී)
ටික දවසක් ඇවිල්ල අපිට බැහැ කියාවිද දන්නේ නැහැ? (නි)
මේ අයට ඉතින් මොනවා කිව්වත් වපර ඇහින් තමයි පේන්නෙ. කවදාවත් රටින් පිටට ගිහින් නැති ළිං මැඩියෝ (නි)
හොද ආරංචියක් (නි)
නියමායි. කවදද ඩියුටි ෆ්‍රී ඕපන් කරන්නේ? (නි)
අපි දුප්පත් රටක්. අපි ගුවන් සේවා 2 නඩත්තු කරනවා. බිලියන 2 ක් පාඩුවට දුවන්නේ. ගුවන් තොටුපොළවල් 2 තියෙනවා. කටුනායකට පාලනය කරගන්න බැරි තරම් ගුවන්යානා එනවනම් ප්‍රශ්නයක් නැහැ. මත්තල හදලා තියෙන්නේ අදික පොලි නය මත. හරි ආදායමක් නැතුව ආපහු ගෙවන කොට ආපහු ගෙවන්නේ නය අරගෙන.(නදී)
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට,මෙම යානාවන් පැමිණෙන්නේ නැද්ද? (නි)
කුබුරක් වපුරන්නේ ගිය වියදම පියවා කන්න වී ටිකක් හරි ගෙදර ඉතිරි කරගන්න. මේක ඕනෙම සාමාන්‍ය කෙනෙකුට උනත් තේරෙනවා. ගුවන් තොටුපොළවල් හදන්න ඕනේ එත් ඊට වඩා කල යුතු දේ බොහෝය?(නදී)
කටුනායක ට දවසකට ෆ්ලිඝ්ට් 62 බස්සන්න පුළුවන්. එහෙත් දවසකට රටට එන්නේ 33 පමණි. අපිට මත්තල වුවමනා නැහැ. ඒක බොරු වියදමක්. අපිට වුවමනා වෙන්නේ හදිසියක් වුණොත් ෆ්ලයිට් එකක් බස්සවා ගන්න සාමාන්‍ය ගුවන් පථයක්. ඒක කරන්න මත්තල වගේ ලොකු වියදමක් කරපු එක අපරාදේ (නි)
නියමයි (නි)
කීයක් හරි දීලා වෙන්න ඇති ඕකත් ගෙන්න ගන්න ඇත්තේ.(නදී)
අපිට ආඩම්බරයි! (නි)
මර්සි ලංකා, දන්නේ නැතිකමට මන් මේ අහන්නේ.."දකුණත් ලංකාවේ ප්‍රධාන නගරයක් වෙන්න. විදේශිකයන්ට කරදයක් නැතුව නිදහසේ අපගේ නිල් මුහුද තිරයේ විවේකය ගත කරන්න...." ඔයා මොන නිදහස ගැනද කියන්නේ? ඒවි ඒවි නිල් මුහුදු තීරේ නිදහස් විදින්නම මිනිස්සු !! ලංකාවේ ජෝඩු පවා දැන් බයයි ඔය පැත්තටවත් එන්න. පෙම්වතිය හෝ බිරිඳ මැරයන්ට දීලා මැරෙන්න ආස නම් ඒවි. (නි)
කොමිස් නොමැති වියාපාර ලෝකයක් තියෙන්නේ කොතනද මහතුනේ මේවා නැතිකරන්නම් වියාපාර සදහටම ලොවෙන් තුරන් කරන්න වෙනවා ලංකාවේ දේසපාලනය ඕක තමයි.(නදී)
බොහොම හොඳයි අනුර. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කොච්චර කාලෙකටද දන්නේ නැහැ නේද? (නි)
සන්තෝසයි
සමන්,විජේ ඔබලාට මෙහි වටිනාකමක් නොතේරෙන එක කරුමයක්.රටක ඉදිරි ගමනට මේවා අවශ්‍යයි.ඔබලාගේ සංකල්ප එකතැන පල්වෙන ඒවායි.(රටටම එක මහා මාර්ගයක්,පරම්පරාවටම එක ගෙයක් සංකල්පයයි.) (නි)
මේ සංජු කොහෙන් බැස්සත් මොකද? අපේ රටටනේ යන්නේ. අනික ඉදපා හිටලාවත් ඒ පැත්තේ ගිහින් එනන.(නදී)
මම කිවේ තංගල්ලේ දී විදේශික යුවලකට ටික කලකට කලින් ලැබුණු නිදහස ගැන මර්සි.(නදී)
බය වෙන්න දෙයක් නෑ. අනිත් ගුවන් සමාගම් ටිකත් එනවා ටිකක් කල් යනකොට.(නදී)
විජේරත්න මහත්තයෝ. අපිට නම් හරිම සතුටුයි. මේ වගේ දේවල් වෙනවට. මේවා අපේ පරම්පරාවට. යුද්දේ තිබුනානම් ඔයාට යන්න වෙන්නේ පාස්පෝර්ට් අරන් යාපනේටත්.(නදී)
මොනතරම් කතා හැදුවද , පසු ගිය කාලයේ මත්තල ගැන...දැන් ඔය එන්නේ හිටු කියලා!! ඒ අයගේ වියදමින් ආවා නම් හොදයි.ඩුබායි සිට ආවත් මගීන් , නම් කොරියන්,චීන පෙනුමක් තියෙන්නේ.අපායෙන් හරි කමක් නැහැ අපිට, එනවා නම්!! (නි)
ගොඩක් හොදියි. නමුත් කොමිස් ගහන එක තමා ප්‍රශ්ණය.(නදී)
මිනිසුන්ට කන්න බොන්න සල්ලි නැතුව දුක් විදිනවා. අපිට මත්තලට ගුවන් තොටුපොළක් විතරද අඩු? ලංකාවට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙකක් ඕනෑමද? තව කීයක් ඕනෑද? කොච්චර මෝඩයෝ ඉන්නවද තියල තේරෙනවා මේකේ අදහස් දැක්කම. (නි)
එන්නේ නැහැ කියලා කෑගහපු අය කෝ දැන්? ඔය පටන් ගත්තේ එන්න. ආණ්ඩුව මොනවා කළත් අපි අපේ දේවල් ගැන ආඩම්බර වෙන්න ඕනෑ. ඒක හැදුවේ කවුරු වුණත් හැදුවේ ලංකාවට මිසක් වෙන රටකට නෙමෙයි නේ! (නි)
ආයුබෝවන් මත්තල! (නි)
හරිම හොදයි.(නදී)
ඉතා හොදයි (නි)
ඉතා හොදයි, සතුටුයි. රටේ නීතිය, හොරකම මැරකම අඩු කළානම්, බුරන දේශපාලකයින් ඉවත් කරනවා නම් ජනතාව තවත් හොදයි කියයි. (නි)
විජෙරත්න, ඔබගේ පියා විජාතික අයෙක්ද ? (නි)
හොදයි සන්තෝසයි
මේවා තමන්ගේ වාසියට කරපුවා නෙමෙයි. අපේ රටේ අනාගතය උදෙසා කරපු දේවල්. ඇයි අපේ මිනිසුනට කිසිම දෙයක අගයක් නැත්තේ. ඕහොම යනකොට ඔය කට්ටියගේ දෙමව්පියන්වත් අමතක වෙයි.(නදී)
ජාත්‍යන්තර ගුවන් තොටුපලකට එක යානාවක් ඇවිත් අපේ අයට තියෙන සතුට. (නි)
දැන් ඩුබායි කාරයොත් චීන්නු වගේමයි.( කෝ අපේ කොන්ඩෙ බැඳපු චීන්නු).(නදී)
නියම වැඩක්. අපිට කොහෙන් බහින්න වේවිද? (නි)
හොදයි ඉතින් අපිට මොකද
මට පෙනෙන හැටියට නම් මේ ගුවන් යානය චීනේ ඉඳලායි ඇවිත් තියෙන්නේ. කොහොම නමුත් සුබ ලකුණක්. (නි)
රුවන් ගේ අදහස් වලට මම ගරු කරනවා. මමත් කොළඹ. දකුණේ අයටත් පහසුකම් ලැබෙන්න ඕනෑ. අර සංජුල වගේ පටු විදියට හිතන්න හොද නැහැ. මමත් කැපුවත් කොළ. ජයවේවා!! (නි)
ආඩම්බර වෙන්න නෙමෙයි අඩන්නයි වෙන්නේ පාඩු පිට දුවන ගුවන් ආයතන දෙකක් තියෙද්දී මත්තල බොරු සෝබන වැඩක්. පස්සේ තේරෙයි එතකොට වෙන්න තියන දේ වෙලා ඉවරයි.(නදී)
එකක් ඇවිත් මෙහෙම නටනවා. එත් මත්තල යන්න කියල බලපෑම් කරලා ලංකාවට එන එක සම්පුර්ණයෙන්ම නවත්තපු එයාර් ඇරබියා ගැන මොකද කියන්නේ.(නදී)
දකුණේ සිරිය නරබන්න , දකුණත් ලංකාවේ ප්‍රධාන නගරයක් වෙන්න . විදේශිකයන්ට කරදයක් නැතුව නිදහසේ අපගේ නිල් මුහුද තිරයේ විවේකය ගත කරන්න. මත්තල ගුවන් තොටුපල ප්‍රදාන මාර්ගයක්.(නදී)
මේ අය දකුණට ආපු අයද? නැතිනම් වෙනත් පළාත් වලට ආපු අයද? (නි)
ගුවන්තොටක් කියන්නේ ආයෝජන මාර්ගයක්
කොහෙන් හරි යානයක් එන්න එපැයි. නැත්නම් මිනිස්සු බලාගෙන ඉන්නවනේ. ඔය මත්තල අවට ඉන්න ජනතාවට දුන්නු බලාපොරොත්තු. අනේ අම්මේ දැන් ඒ මිනිස්සු කේන්තියෙන් පුපුරනවා. ඇයි ඒ අය හෝටල් හැදුවා පමණක් නොවෙයි තමන්ගේ දියුණුව පතාගෙන බැංකු වලින් නය අර ගෙන කරපු දේවල් වලට දැන් රජය බලෙන් හරි මිනිස්සු මත්තලට එවන්න ඕනේ.(නදී)
රජයේ එක් ඇමතිවරයෙක් පවසා තිබුණා චෙන්නායි ගුවන් තොටුපලට එන යානා හදිසි අවස්ථාවකදී මත්තලට ගොඩ බෑමට හැකි බව. එතුමා දකින ප්‍රතිලාභය එයයි. එතකොට අපි මේ ඩොලර් මිලියන 200 කට වැඩිය ණය අරගෙන අන්තර්ජාතික ගුවන් තොටුපලක් හැදුවේ වෙන තැන්වලට බාන්න බැරි වෙන ඒවා ගෙන්න ගන්නද? (නි)
සිල්වා උන්නැහේ, ඔබතුමා දන්න දෙයක් නැහැ වගෙයි. නොදන්නා දේවල් වලට කට දාන්න එපා (නි)
ඩුබායි සිට මත්තලට පැය 4.30 මත්තල සිට වත්තලට පැය 5.30 මොකක්ද බොලේ මේ වෙන්නේ.(නදී)
ඊලග ප්‍රවෘත්තිය කවදාද? නැවක් ආව ප්‍රවෘත්තියක් ලගදි පත්තරේ ගියා කියල නම් දැක්කේ නැහැ. හම්බන්තොටට වාහන නැවක් කලින් ආපු වෙලාවෙත් මෙතන කට්ටිය කිවුවේ දැන් හරි කියලනේ.කෝ ඊට පස්සේ නැවු කියක් ආවද? මේකත් එහෙම වෙයිද? (නි)
පෙනෙන හැටියට මෙහි ඉන්නේ පිලිපීන ජාතිකයෝ සහ තායිලන්ත ජාතිකයෝයි (නි)
රටේ සදාචාරය බල්ලට ගිහිල්ලා. මිනිස්සුන්ගේ මොලේ හදන්නේ නැතුව බලධාරී රට හදන්න යනවා. මේවයින් මොන තරම් කොමිස් ගහන්න ඇතිද ? කවදාවත් නව නිපැයුම් කරුවන්ට දිරි දීලා තියෙනවද? මොලේ නැති යක්කු.(නදී)
ඩුබායි වලත් ඉන්නේ චීන්නුද? (නි)
රටෙන් දෙයක් ගන්න කලින් අපි රටට මොනවද කලේ.(නදී)
ලබන වසරේ වෙසක් එකට ජනාධිපතිතුමා ඩුබායි වලින් බුදුන්ගේ හා දහසක් රහතුන්ගේ ධාතු ගෙන්වනවා මත්තලට.(නදී)
එතකොට මේක කටුනායක එන්නේ නැද්ද අද ඉදන්? දැන් අපි ඉදලා හිටලා අවොත් මත්තලටද බහින්න වෙන්නේ? (නි)
මන් මේ නිකන් අහන්නේ, පලයි ඩුබායි එකට ආණ්ඩුවෙන් අතින් ගානක් දීලද දන්නේ නෑ නේද ඕක මත්තලට බැවේ. (නදී)
එතකොට ෆ්ලයි ඩුබායි වලට කුරුල්ලෝ වදින්නෙ නැද්ද? (නි)
කවුරු මොනවා කීවත් අපේ රටට ආඩම්බරයක් අපි සතුටු වෙන්න ඕනේ!(නදී)
ෆ්ලයි ඩුබායි මේ මාස 4 කොහොමත් එයි. මොකද මේ රාමදාන් හන්දා ගොඩක් කට්ටිය ලංකාවට යනවා. අනික ෆ්ලයි ඩුබායි තමයි මැදපෙරදිග අඩුම ගානකට යන්න එන්න පුලුවන් එයාර් ලයින් එක. (නි)
ඉර්ෆාන් ධර්මා, මම ගොඩක් අගය කරනවා ඔබේ අදහස්. මොන අණ්ඩුවෙන් කලත් මේ අපේ රට. එයින් සේවයක් වෙන්නේ අපිටත් වඩා අපේ මතු පරපුරට. හොද දේ අපි ලාංකිකයන් ලෙස අඟය කරමු. යුද්ධය දීණුවට පස්සේ නිල්,කොල,රතු හැමෝම නිදහසේ හුස්ම ගන්නවානේ. විජේරත්න මහත්තය නම් චව් චව් වගේ (ඕක හරියන්නේ නෑ, ඕක කෙරෙන්නේ නෑ).(නදී)
විජේරත්න මහත්තයෝ, වැහි පොද එකතුවෙලා තමා විශාල ගංගාවල් හැදෙන්නේ. අද - 1 හෙට 2 - ඊලග මාසයේ 5 ....අවුරුදු 5 කින්? හැම විටම ධනාත්මකව සිතන්න! ඔබට සුබ අනාගතයක්! (නි)
මේ මොකද්ද වෙන්නේ.(නදී)
පාට කන්නාඩි දාල බැලුවහම පෙන්නේ පාටට. ඔය පාට පාට කන්නාඩි ගලවලා එකම රටක ශ්‍රී ලාංකිකයන් විදිහට සතුටුවෙමු. අපේ රටට ජය වේවා. (නදී)
අනේ අපේ වත්තලටත් මේ වගේ එකක් දෙන්නකෝ. එතකොට බස් වල ඇතිල්ලී ඇතිල්ලී එන්න වෙන්නේ නැහෙනේ.එතකොට ෆ්ලිට් එක වැඩිය උඩ යන එකක් නැහැ බයට ජනතාව දෙස් දෙනවනේ. (නි)
සංජු, මොන ගොනාද කටුනායක ගෙවල් තියාගෙන මත්තලින් බහින්නේ? (නදී)
මේ වියදම් කළ සල්ලි වලින් මේ රටේ නිෂ්පාදනය වැඩිකරන්න දෙයක් කළා නම් කොච්චර හොදද? (නි)
ඕනෑම ව්‍යාපාරයක් පටන් ගද්දි මුල් මාස 7-8ක් පාඩු විදගන්න බලාගෙනයි පටන් ගන්න ඕනේ. එයයි ව්‍යාපාරයක මුලික අදියර. මෙවැනි ගුවන් තොටුපළවල් පවා එම සිද්ධාන්තයට යටත්. මෙහි ඍන ආකල්ප ඇතුව ප්‍රතිචාර කල අය ව්‍යාපාර ගැන කිසිම දෙයක් නොදන්නා මුළු ජීවිතේම සහනාධාර මත යැපෙන පිරිසක් කියලයි මගේ හැගීම. මම නම් දේශපාලන වශයෙන් "කැපුවත් කොළ " නමුත් හොද දේවල් කව්රු කලත් අගය කල යුතුයි.(නදී)
නියම වැඩක්.(නදී)
මොන දෙයක් කරත් එකපාරටම දියුණු වෙන්න බැහැනේ. ටිකක් කල් යනවා මනමාලි ගෙනාව ගමන්ම දරුවෝ ලැබෙන්නේ නැහැනේ. (ස)
මැදපෙරදිගින් යන ගුවන් යානා මත්තලට යවන්න එපා. එහි ඩියුටි ෆ්‍රී නැහැනේ. (නි)
යකෝ මරුනේ. චීනෙන් ඇවිත් හරි මත්තලින් ගුවන් ගත වෙනවානම් ලොකුදෙයක්.(නදී)
රොෂාන්, කටුනායකින් බැහැලා පැයකින් මම ගෙදර. ඒත් මත්තල බැහැලා? (නි)
දැන් මේ අයට ආයේ අමුතුවෙන් වියදම් කරන්න වෙනවානේ කොළඹට එන්න (නි)
ෆ්ල්ය් ඩුබායි FZ-558 කොහොමත් සතියට දින හතම කටුනායක එනවා. ඉන් අමතරව FZ-511 නම යටතේ කටුනායක පැයක් නැවතා මත්තල යනවා. මත්තල සිට තමයි FZ-512 ලෙස ඩුබායි යන්නේ. ගාන එකමයි. කටුනායක බහින සංජු මල්ලිට වෙනද වගේම කටුනායකින් බැහැල පැයෙන් ගෙදර යන්න පුළුවන්. (නදී)
ෆ්ල්යි ඩුබායි කටුනායකට එන්නෙම නැද්ද? (නි)