IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී දාහතර වැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව කොමර්ෂල්

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගත් අවස්ථාව

 


ආසියානු මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වැනි වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ.
හොංකොං හි කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී.
“ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු බොහෝ බාහිර සාධක වල බලපෑම් කළමනාකරණය කිරීමට සිදු වූ වර්ෂයක් තුළදී බැංකුව පෙන්වූ කාර්යසාධනය මත මෙම සම්මානය පදනම් වීම විශේෂිතයි,”‍ යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “බාහිර අභියෝග හමුවේ මූලික බැංකුකරණ කටයුතු කළමනාකරණය කිරීම සඳහා වූ බැංකුවේ විචක්ෂණශීලී ප්‍රවේශයට මෙන් ම දුෂ්කර කාලයන්වල මෙහෙයුම් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ හැකියාවට, 2024 දී අප වාර්තා කළ සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල සාක්ෂි දරයි. ෆයිනෑන්ස් ඒෂියා සම්මානය සඳහා එම සාධක සලකා බලනු ලැබුවා.”යනුවෙන්ද ඒ මහතා පැවසීය.
මෙම වසරේ ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව සමඟින් ඔවුන් ඔවුන්ගේ රටවල්වල හොඳම බැංකු ලෙස ශ්‍රේණිගත කරන ලද අනෙකුත් ෆයිනෑන්ස් ඒෂියා සම්මානලාභීන් වූයේ, සිටි බෑන්ක් (බංග්ලාදේශය), ඇලයිඩ් බෑන්ක් (පකිස්ථානය), බෑන්ක් ඔෆ් චයිනා (හොංකොං), PT බෑන්ක් මන්ඩිරි (ඉන්දුනීසියාව), BDO  යුනිබෑන්ක් (පිලිපීනය), ටෙක්කොම්බෑන්ක් (වියට්නාමය) සහ යුනයිටඩ් ඕවර්සීස් බැංකුව (සිංගප්පූරුව) යන බැංකුය. 
2024 දෙසැම්බර් 31 වැනි දින වන විට රුපියල් ට්‍රිලියන 2.876 ක සමූහ වත්කම්, රුපියල් ට්‍රිලියන 2.31 ක තැන්පතු, රුපියල් ට්‍රිලියන 1.53 ක ණය පොත් අගයක් සහ රුපියල් බිලියන 274.976 ක දළ ආදායමක් සහිත ශ්‍රී ලංකාවේ විශාල පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, 2024 දීත් අඛණ්ඩව සිව්වැනි වරටත් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය සම්පාදනය කරන්නා ලෙස ද ශ්‍රේණිගත කරන ලදී. තැන්පතු, ණය, මුළු වත්කම්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, දළ ආදායම සහ මුළු ප්‍රාග්ධන පදනම අනුව පුද්ගලික අංශයේ බැංකු අතර ඉහළම වෙළෙඳපොළ කොටස් හිමිව ඇති, ශ්‍රී ලංකාවේ මිණුම් ලකුණක් බඳු වන පුද්ගලික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව දිගටම පැවතුනි. 
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ.



අදහස් (0)

ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී දාහතර වැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site