- ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම ප්‍රමුඛතාව විය යුතුයි
- ප්‍රතිලාභ තිරසාරව පැවතීමට විදේශ විනිමය සංචිතයේ දියුණුවත් වැදගත්
- දරිද්‍රතාව අවම කිරීමට අඛණ්ඩව ප්‍රමුඛතාව ලබා දිය යුතුයි
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්නේ පැහැර හැරීමේ ශ්‍රේණිය CCC+ සිට B- දක්වා ඉහළ නැවීම හරහා ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබිඹු කරන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
ඒ අනුව දැන් කළ යුතුව ඇත්තේ එම අත්කර ගෙන ඇති ප්‍රගතිය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා උපායමාර්ගිකව යොදා ගැනීම බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
එහිදී විශේෂයෙන්ම ඉහළ රාජ්‍ය විශ්වසනීයත්වය, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමටත්, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමටත්, පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනය වේගවත් කිරීමටත් ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
“වර්ධනය සහ ආයෝජන ඉහළ නංවන වෙළෙඳ පහසුකම් සැලසීම, ඩිජිටල්කරණය සහ ශ්‍රම ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රතිසංස්කරණ හරහා මෙම ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම ප්‍රමුඛතාව විය යුතුය. එසේම ප්‍රාථමික අතිරික්තය පවත්වාගෙන යාමට සහ ආදායම් උත්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමටද කටයුතු කළ යුතුය.’’
ඒ සමගම, ණය සහ ණය සේවාකරණ අනුපාත අඛණ්ඩව අඩු කිරීමෙන් ක්‍රමයෙන් වැඩි මූල්‍ය ඉඩකඩක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවක්ද පවතින බවත් පවසයි.
“ස්ථාවරත්වයේ ප්‍රතිලාභ තිරසාරව පවත්වාගෙන යාමට විදේශ විනිමය සංචිතය වැඩිදියුණු කිරීම වැදගත්. එසේම ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ වර්ධනයේ ප්‍රතිලාභ සමාජය පුරා පුළුල් ලෙස බෙදී යාම සහතික කිරීමට දරිද්‍රතාව අවම කිරීම අරමුණු කරගත් ප්‍රවේශය අඛණ්ඩව ප්‍රමුඛතාවක් විය යුතුයි.’’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd