ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සියෙරා කේබල්ස් පීඑල්සී සමාගම වෙත ලබාදී තිබූ ස්ථාවර ඉදිරි දැක්මක් සහිත A+ ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම එලෙසින්ම පවත්වාගෙන යන බව පවසයි.  

ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරිම මගින් සියෙරා කේබල්ස් පීඑල්සී බාහිර සහායකින් තොරව තනිවම පවත්වාගෙන යන ණය ගෙවීමේ හැකියාව සඳහා වන a+ ශ්‍රේණිය පිළිබිඹු වන බවත් ෆිච් රේටින්ග්ස් පවසයි. විශේෂයෙන්ම එම ශ්‍රේණිය එම සමාගමේ මව් සමාගම වන LOLC හෝල්ඩිංග්ස් සඳහා ලබා දී ඇති ශ්‍රේණියට සමාන බවත් සඳහන් වෙයි. 

”‍මෙම ශ්‍රේණිගත කිරීම මගින් සියෙරා කේබල්ස් සම්බන්ධ අපගේ ඉපැයීම් වර්ධන අපේක්ෂා නිරූපණය වෙයි. එසේය එය ලාබ අන්තරයේ සිදුවන සීමාවීම් සහ ඉහළ යන ණය අනුපාත පිළිබඳ අපගේ පුරෝකථන හමුවේ මෙන්ම, සමාගමේ කුඩා මෙහෙයුම් පරිමාණය, චක්‍රීය වෙළෙඳපොළවල් කෙරෙහි ඇති නිරාවරණය සහ භාණ්ඩ මිල ගණන් වෙනස්වීමේ අවදානම සමග සමතුලිත කරනු ඇත.”‍ යනුවෙන් ෆිච් රේටින්ග්ස් පවසයි.