ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස ක්‍රියාත්මක වන "හෙලිටුවර්ස්" නවතම ශඛාව යාපනය නගරයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා
අතින් විවෘත කෙරිණ.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මහත්මිය, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල,ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ සහභාගි විය. මෙහිදී නවතම ශඛාවේ ප්‍රථම ගුවන් ටිකට්පත ගුවන් හමුදාධිපති තුමන් විසින් රවීන්ද්‍රන් මහතා හට ප්‍රධානය කරන ලදී.
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හෙලිටුවර්ස් යාපනේ යයි
විජිත් Thursday, 25 April 2013 09:38 AM
කලින් ඔය පැත්තේ තිබුනේ කුරුම්බැට්ටි ටුවර්ස්.(නදී)
යොහාන් Wednesday, 24 April 2013 02:22 PM
කලින්නම් ඔය පැත්තට තිබුනේ වෙන ජාතියේ ටුවර්ස් ජාතියක්. දැන් අපේ පිනට හෙලිටුවර්ස් පහළ වෙලා. (නි)
බංඩා Monday, 29 April 2013 08:27 AM
ඔබ දන්නවාද අපිට ගෘහස්ත ගුවන් තොටු පොළ වල කීයක් තියෙනව ද කියලා? ලංකාවේ සිතියාම හොඳින් බලන්න. යාපනය, වවිනියාව, අනුරාධපුර, හිගුරක්ගොඩ, සීගිරිය, අම්පාර උහන, වව්නතිව් මඩකලපුව, වීරවිල, කොග්ගල, කටුකුරුන්ද, රත්මලාන, කල්පිටිය පල්ව්. මේවා සුද්දෝ හදපුවා. මේ සේරම ටික ගොඩදාගන්න පුළුවන් පොඩි ගුවන්යානා ගත්තා නම්.(නදී)
කෙලුම් Monday, 29 April 2013 08:37 AM
මේකේ වැඩ කරන අය රජයේ කන්තෝරුවක වැඩ කරනවා වගේ වැඩ කරන්නේ. ලංකාවට නිවාඩුවට ආව වෙලාවක බම්බලපිටියේ ප්‍රධාන කාර්යාලයට ගියා හෙලිකොප්ටර සංචාරයක් බූක් කරන්ඩ. කතා කරන්නේ නිකන් යන්ඩ ආවා වගේ. (නදී)
රොෂාන් සෞදි Thursday, 25 April 2013 10:53 AM
ජයවේවා! හරිම සතුටුයි දෙමළ මිනිස්සු වැඩි වැඩියෙන් දකුණට එන්නත් සිංහලයන් උතුරට යන්නත් ඕනෑ. ඊට පස්සේ ඔය ජයලලිතලට කටඋත්තර නැහැ (නි)
උපුල් Friday, 26 April 2013 12:57 PM
බන්දුල, හැබැයි හැමටම දරා ගත හැකි මිලකට. (නි)
විමල් Saturday, 27 April 2013 12:54 PM
බොහොම හොඳ දෙයක් . ගොඩක් ඉස්සර අපි පොඩි කාලේ රජයේ සේවකයන්ට නිදහස් දුම්රිය බලපත් වලින් ගුවනින් යන්න පුලුවන්කම තිබුනා. මම පොඩි කාලේ ඒ විදියට පලාලි වලට ගුවනින් ගියා 1975 විතර , අපේ තාත්තගේ දුම්රිය බලපත් වලින් අපගේ දරුවන්ටවත් ඒ අවස්ථාව ලැබෙනවා නම් ලොකු දෙයක් . (නි)
දයා අලහකෝන් Wednesday, 24 April 2013 12:09 PM
අපි සෞදි පැත්තේ ඉන්නේ. හෙලි ටුවර්ස් කියන්නේ මොනවගේ එකක්ද?(නදී)
ශාන්ති Thursday, 25 April 2013 03:21 AM
හොදයි ...හොදයි ... (දී)
ගාමිණී සිරි Tuesday, 30 April 2013 10:58 PM
තායිලන්තයේ "නොක් එයාර් " වගේ අභ්‍යන්තර ගුවන් සේවයක් , පිටරටින් හරි ගුවන් සේවිකාවන් ටිකක් දමලා පටන් ගත්තා නම් අපේ අයම යයි හිටු කියලා. කියන අයට කියාගන්න කියලා පටන් ගන්න තියෙන්නේ (නි)
ප්‍රේමකුමාර Thursday, 02 May 2013 07:16 PM
මම හිතුවා හෙලිකොප්ටරෙන් යාපනේ යන්න පුළුවන් සේවාවක් ආරම්භ කරලා කියලා (නි)
බන්දුල Thursday, 25 April 2013 12:31 PM
ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර ගුවන් සේවා තව තවත් දියුණු කරනවා නම් කොයිතරම් හොඳයිද? (නි)
අමිල Thursday, 25 April 2013 07:51 AM
හොඳ වැඩක්. නැත්තන් දේශපාලුවො ටිකක් විතරක් යන ගුවන් යානා ටිකක් අපේ ගානේ නඩත්තු කර කර ඉන්න වෙන්නේ.(නදී)
අමිත Friday, 26 April 2013 03:48 PM
අගය කළයුතු වැඩක්. ජය වේ ශ්‍රී ලංකා! (නි)
මස්කි Friday, 03 May 2013 07:01 PM
හෙළුවැලි ටුවර්ස් කිවුවා නම් හැමෝටම ලෙහෙසියෙන් තේරුම්ගන්න පුළුවන්නේ (නි)
සමීර සාලින්ද Friday, 26 April 2013 04:56 PM
බන්දුල වැඩක් ඇති දෙයක් කතාකරන්න. මොකද දන්නවද අපි ලංකාව තුල බදු ගෙවන ජනතාවක්. ඔහොම ලංකාව යනකොට ජනතාවට මොකක් වෙයිද? (නි)
ජ.හේරත් Tuesday, 30 April 2013 03:25 AM
රට ඇතුලේ ගුවන් සේවා දියුනු කරන්න අපේ රට මහාද්වීපයක්ද ? (නි)