ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස ක්‍රියාත්මක වන "හෙලිටුවර්ස්" නවතම ශඛාව යාපනය නගරයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා
අතින් විවෘත කෙරිණ.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලීකා අබේවික්‍රම මහත්මිය, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල,ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ සහභාගි විය. මෙහිදී නවතම ශඛාවේ ප්‍රථම ගුවන් ටිකට්පත ගුවන් හමුදාධිපති තුමන් විසින් රවීන්ද්‍රන් මහතා හට ප්‍රධානය කරන ලදී.
![]()
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ඔය පැත්තේ තිබුනේ කුරුම්බැට්ටි ටුවර්ස්.(නදී)
කලින්නම් ඔය පැත්තට තිබුනේ වෙන ජාතියේ ටුවර්ස් ජාතියක්. දැන් අපේ පිනට හෙලිටුවර්ස් පහළ වෙලා. (නි)
ඔබ දන්නවාද අපිට ගෘහස්ත ගුවන් තොටු පොළ වල කීයක් තියෙනව ද කියලා? ලංකාවේ සිතියාම හොඳින් බලන්න. යාපනය, වවිනියාව, අනුරාධපුර, හිගුරක්ගොඩ, සීගිරිය, අම්පාර උහන, වව්නතිව් මඩකලපුව, වීරවිල, කොග්ගල, කටුකුරුන්ද, රත්මලාන, කල්පිටිය පල්ව්. මේවා සුද්දෝ හදපුවා. මේ සේරම ටික ගොඩදාගන්න පුළුවන් පොඩි ගුවන්යානා ගත්තා නම්.(නදී)
මේකේ වැඩ කරන අය රජයේ කන්තෝරුවක වැඩ කරනවා වගේ වැඩ කරන්නේ. ලංකාවට නිවාඩුවට ආව වෙලාවක බම්බලපිටියේ ප්‍රධාන කාර්යාලයට ගියා හෙලිකොප්ටර සංචාරයක් බූක් කරන්ඩ. කතා කරන්නේ නිකන් යන්ඩ ආවා වගේ. (නදී)
ජයවේවා! හරිම සතුටුයි දෙමළ මිනිස්සු වැඩි වැඩියෙන් දකුණට එන්නත් සිංහලයන් උතුරට යන්නත් ඕනෑ. ඊට පස්සේ ඔය ජයලලිතලට කටඋත්තර නැහැ (නි)
බන්දුල, හැබැයි හැමටම දරා ගත හැකි මිලකට. (නි)
බොහොම හොඳ දෙයක් . ගොඩක් ඉස්සර අපි පොඩි කාලේ රජයේ සේවකයන්ට නිදහස් දුම්රිය බලපත් වලින් ගුවනින් යන්න පුලුවන්කම තිබුනා. මම පොඩි කාලේ ඒ විදියට පලාලි වලට ගුවනින් ගියා 1975 විතර , අපේ තාත්තගේ දුම්රිය බලපත් වලින් අපගේ දරුවන්ටවත් ඒ අවස්ථාව ලැබෙනවා නම් ලොකු දෙයක් . (නි)
අපි සෞදි පැත්තේ ඉන්නේ. හෙලි ටුවර්ස් කියන්නේ මොනවගේ එකක්ද?(නදී)
හොදයි ...හොදයි ... (දී)
තායිලන්තයේ "නොක් එයාර් " වගේ අභ්‍යන්තර ගුවන් සේවයක් , පිටරටින් හරි ගුවන් සේවිකාවන් ටිකක් දමලා පටන් ගත්තා නම් අපේ අයම යයි හිටු කියලා. කියන අයට කියාගන්න කියලා පටන් ගන්න තියෙන්නේ (නි)
මම හිතුවා හෙලිකොප්ටරෙන් යාපනේ යන්න පුළුවන් සේවාවක් ආරම්භ කරලා කියලා (නි)
ශ්රී ලංකාව තුල අභ්‍යන්තර ගුවන් සේවා තව තවත් දියුණු කරනවා නම් කොයිතරම් හොඳයිද? (නි)
හොඳ වැඩක්. නැත්තන් දේශපාලුවො ටිකක් විතරක් යන ගුවන් යානා ටිකක් අපේ ගානේ නඩත්තු කර කර ඉන්න වෙන්නේ.(නදී)
අගය කළයුතු වැඩක්. ජය වේ ශ්‍රී ලංකා! (නි)
හෙළුවැලි ටුවර්ස් කිවුවා නම් හැමෝටම ලෙහෙසියෙන් තේරුම්ගන්න පුළුවන්නේ (නි)
බන්දුල වැඩක් ඇති දෙයක් කතාකරන්න. මොකද දන්නවද අපි ලංකාව තුල බදු ගෙවන ජනතාවක්. ඔහොම ලංකාව යනකොට ජනතාවට මොකක් වෙයිද? (නි)
රට ඇතුලේ ගුවන් සේවා දියුනු කරන්න අපේ රට මහාද්වීපයක්ද ? (නි)