භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් එහි ගනුදෙනු කිරීම අත්හිටුවීම නොවැම්බර් 30 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම පවසයි.
මීට පෙර සිදු කර තිබූ දැනුම්දීමට අනුව අද (සැප් 01) වැනිදා සිට සමාගමේ කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවීමට නියමිතව තිබුණි. 2022 මාර්තු 31 වැනිදායින් සහ 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂ සම්බන්ධයෙන් සිදු කෙරුණු ස්වාධීන විගණන වාර්තාවලට අනුව, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම 2023 නොවැම්බර් 28 සහ 2024 අප්‍රේල් 25 වැනිදා සිට කොළඹ කොටස් හුවමාරුවේ Watch List ලැයිස්තුවටද ඇතුළත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd