ශ්‍රීලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය නඟා සිටුවීම සදහා ඩොලර් කෝටි 20 (රුපියල් කෝටි 2560) ණය ආධාර ලබා දීමට ලෝක බැංකුව එකග වී තිබේ.
ශ්‍රීලංකාවේ ලක්ෂ 210 වන මුළු ජනගහනයටම සෙත සැළැසෙන සේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර අඩු ආදායම් ලාභී පවුල් වලට පවා හොද සෞඛ්‍ය සේවාවන් ලබා ගත හැකි පරිදි සෞඛ්‍ය සේවා ක්‍රමය දියුණු කිරීමට මේ ආධාර යොදා ගැනෙනු ඇත.
මන්දපෝෂණයෙන් පෙළෙන්නන්,වසංගත රෝග පැතිර යාමේ අවදානම,ඩෙංගු රෝගය,ඒඩ්ස්,පිස්සු බලූ රෝගය වැනි රෝග වලට වඩා ක්‍රමවත් ප්‍රතිකාර ලබා දීම සදහාත් දියවැඩියාව,හෘද සංකූලතා,මානසික ආබාධ ආදීන්ගෙන් පීඩා විදින්න්ට අපහසුවකින් තොරව ප්‍රතිකාර ලබා ගැනීමටත් හැකිවන සේත් සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලටත් ගාණක් ලැබෙනවද ? (ස)
ණයක් නේද ? අනේ අප්පේ ඕව කියන්න එපා මගේ ප්‍රෙෂර් වැඩි වෙනවා (දී)
සෞඛ්‍ය ඇමතිට මෙයින් කීයක් ලැබෙනවද දන්නේ නැහැ.(නදී)