සෙලාන් බැංකුවල මෑතකදී 1990 සුව සැරිය’ ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයක් අලුත්වැඩියා කර එයට අවශ්‍ය උපකරණ හා පහසුකම් ලබාදීම සඳහා දායක විය. සුව සැරිය පදනම මගින් ක්‍රියාවට නංවා ඇති ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රජා සත්කාරය සිදුකරන ලදී. පුත්තලම ප්‍රදේශයේ ධාවනය වන මෙම ගිලන් රථය මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීම මගින් එම ප්‍රදේශයේ ජනතාවට සුවිශාල යහපතක් සිදුවනු නොඅනුමානය.
සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා සහ එහි සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා විසින් අදාළ මූල්‍යමය අනුග්‍රාහකත්වය 1990 සුව සැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාව, මෙරටට අතිශයින් වැදගත් වන සෞඛ්‍ය පහසුකමක් වන මෙම ගිලන් රථ සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් විය.
‘‘1990 සුව සැරිය පදනම මගින් රට පුරා වෙසෙන ජනතාව වෙනුවෙන් ඉටුකරනු ලබන මෙහෙවර ප්‍රශංසනීයයි. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන්, ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන අතරම රටේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා එම පදනම දරන උත්සාහය අප බෙහෙවින් අගය කරනවා. එම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ක්‍රියාවට නැංවූ Adopt an Ambulance’ ව්‍යාපෘතියට මෙලෙස දායක වීමට ලැබීම අපට මහත් සතුටක්” අසිරි අභයරත්න මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෙලාන් බැංකුවෙන් 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට දායකත්වය