IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


සෙලාන් බැංකුවට රු. මිලියන 2,505ක බදු පසු ලාභයක්

සෙලාන් බැංකුව 2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස නවයක කාලය තුළ දී රු. මිලියන 2,505 ක පසු බදු ලාභයක් වාර්තා කිරීමට සමත් විය.  නිදහසින් පසු ශ්‍රී ලංකාව වාර්තා කළ අයහපත් ම මූල්‍ය තත්ත්වයන් යටතේ ඇති වූ අස්ථාවර මූල්‍ය පසුබිමක් පවතින අවස්ථාවක දී මෙවැනි බදු පසු ලාභයක් නැවත වරක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වීම මූල්‍ය විශ්ලේෂකයන්ගේ ප්‍රශංසාවට හේතු වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස 9ක කාලය සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදායම වසරක් මත වසරක් ආකාරයට  සියයට 63.82 කින් වර්ධනය වූ අතර එහි මූල්‍යමය අගය රු. මිලියන  17,068 සිට රු. මිලියන 27,960 දක්වා වර්ධනය විය.  එම මාස 9 ක කාලය තුළ දී බැංකුව් ශුද්ධ ගාස්තු පදනම් වූ ආදායම සියයට 38.22 කින් වර්ධනය වූ අතර එය රු. මිලියන 3,270 සිට රු. මිලියන 4,520 දක්වා ඉහළ ගොස් තිබිණ. මෙම වර්ධනය සඳහා මූලික වශයෙන් බලපා ඇත්තේ වෙළෙඳ මූල්‍ය හා කාඩ්පත් ආශ්‍රිත ආදයම්වල සිදු වූ වර්ධනයයි.

වෙළෙඳ කටයුතු ඔස්සේ ලැබූ ශුද්ධ ලාභ මූල්‍ය වත්කම් හඳුනා නොගැනීම නිසා ලැබූ ශුද්ධ ලාභ, විදේශ විනිමය  ගනුදෙනු ඔස්සේ ලැබූ ශුද්ධ ලාභයන් මෙන් ම සෙසු මෙහෙයුම් ආදායම් ඇතුළත් වන පරිදි අනෙකුත් ආදායම් ශීර්ෂ පෙර වසරට වඩා සියයට 37.13 කින් වර්ධනය වූ අතර 2022 වසරේ අදාළ මාස නවය තුළ දී ශුද්ධ ලාභය රු. මිලියන 1,979 සිට රු. මිලියන 2,715 දක්වා ඉහළ ගියේය. මෙම ඉහළ යෑම ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත්තේ ශුද්ධ විදේශ විනිමය ප්‍රති-ඇගයීමේ ප්‍රතිඵලයක් ලෙසින් වාර්තා වූ ප්‍රතිලාභවලිනි.  

අදාළ මාස නවයක කාලය තුළ දී සමස්ත වියදම් ප්‍රමාණය සියයට 9.75 කින් ඉහළ ගිය අතර පෙර වසරේ අදාළ කාල සීමාවේ දී වාර්තා වූ රු. මිලියන 10,036 ට සාපේක්ෂ ලෙස 2022 වසරේ අනුරූප කාල සීමාවේ දී සමස්ත වියදම් ප්‍රමාණය රු මිලියන 11,015 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. සාමූහික ගිවිසුමට අනුව කාර්ය මණ්ඩල ප්‍රතිලාභ වර්ධනය වීම හේතුවෙන් කාර්ය මණ්ඩල වියදම් රු. මිලියන 530 කින් ඉහළ ගියේය. ඉහළ උද්දමනය සහ දේශීය මුදල් අවප්‍රමාණ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිලදී ගැනීම් සහ සේවාවල මිල ඉහළ යෑම නිසා සෙසු මෙහෙයුම් ‍වියදම් සහ ක්ෂයවීම් මෙන් ම ක්‍රමක්ෂය වියදම් ද සියයට  10.39 කින් ඉහළ ගියේය.  කෙසේවෙතත්, පිරිවැය කප්පාදු කිරීම සඳහා බැංකු විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදය තුළ දී වාර්තා වූ රු බිලියන 6.2 ට සාපේක්ෂ වශයෙන් 2022 වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළ දී සමස්ත හානිකරණ ගාස්තුව රු. බිලියන 18.8 ක් ලෙසින් බැංකුව හඳුනා ගත් අතර එය සියයට 199.09 ක ඉහළ යෑමකි. ගෝලීය සහ දේශීය වශයෙන් වර්ධනය වූ ආර්ථික අභියෝගයන් සහ ණය අවදානම් අංශ පිළිබඳ අවධානය යොමු කර බැංකුව විසින් හානිකරණ ප්‍රතිපාදන ඉහළ නැංවීමට පියවර ගත්තේය.

සමාලෝචනයට ලක් කෙරුණු කාල සීමාව තුළ දී බැංකුවේ ශුද්ධ ණය සහ අත්තිකාරම්වල සියයට 2.66 ක ආන්තික වර්ධනයක් දැක ගැනීමට ලැබුණු අතර එහි අගය  රු. මිලියන 453,730 කි.  2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සමස්ත තැන්පතු පදනම වූ රු. මිලියන 488,653 ට සාපේක්ෂව  2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස නවය තුළ දී සියයට 7.32 ක වර්ධනයක් වාර්තා කරමින් මාස නවයක කාලයක් තුළ දී රු. මිලියන 524,439 ක් දක්වා ඉහළ ගියේය. බැංකුවේ ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය සියයට  30.25 ක් විය. මීට අමතර ව බැංකුවේ වත්කම් පදනම රු. මිලියන 50,223 සිට රු. මිලියන 657,800 දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්තයක් ලෙස ගත් විට අදාළ මාස නවයක කාලය තුළ දී වාර්තා වූ කාර්ය සාධනය ද සමගින් බැංකුවේ කොටසක ඉපැයීම් (EPS) රු. 4.34 ක් ලෙසින් වාර්තා විය. බැංකුව විසින් වත්කම් මත ප්‍රතිලාභය  (බදු පෙර) (ROAA) සියයට 0.74  ක් සහ  හිමිකම් මත ප්‍රතිලාභය (ROE) සියයට  6.44 ක් ලෙස වාර්තා කළේය.  2022 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනට අදාළ ව බැංකුවේ කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රු. 91.47 ( සමූහ අගය රු. 94.74) ක් විය.
මූලික නියාමන අවශ්‍යතා ඉක්මවා යමින් ප්‍රධාන ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතවලට ගැළපෙන ලෙස සෙලාන් බැංකුව විසින් මනා ප්‍රාග්ධනීකරණයක් පවත්වා ගෙන යෑමට සමත් වී ඇති අතර  සියයට 10.33 ක සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතයක් සහ සියයට 13.43 ක සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් වාර්තා කිරීමට ද බැංකුවට හැකි විණ.

බැංකුවේ ද්‍රවශීලතා අනුපාත නිර්දේශිත සීමාවන් තුළ පවතී. දේශීය බැංකු ඒකකයේ සහ විදේශ මුදල් බැංකු ඒකකයේ ව්‍යවස්ථාපිත ද්‍රව වත්කම් අනුපාතය (SLAR) පිළිවෙළින් සියයට 20.60 සහ සියයට 23.07 ලෙස වාර්තා වූ අතර බැංකුවේ සියලු‍ම මුදල් ඒකක සහ රුපියල්වල ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිවෙළින් සියයට 122.92 සහ සියයට  201.26 ලෙස වාර්තා විය.

595

සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස්


සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න



අදහස් (3)

සෙලාන් බැංකුවට රු. මිලියන 2,505ක බදු පසු ලාභයක්

pakeer Wednesday, 21 December 2022 12:54 AM

මේ ලාභ වැඩක් නැහැ, ලංකාවේ මිනිස්සුන්ගෙන් සුරා කාපු රුපියල්, පුලුවන්නම් ඩොලර් හොයලා පෙන්නන්න.

:       0       4

janaka Wednesday, 21 December 2022 05:50 PM

මහජන සූරාකෑම්... ආයෝජන කියන්නේ ඕවා නෙවෙයි.. පුළුවන් නම් ඩොලර්ස් පෙන්වන්න..

:       0       1

nipuli Thursday, 29 December 2022 08:55 PM

2017 සිට ඉදිකිරීම් වැනි කොරෝනා හා ඉන්පසු ඇති වූ අයහපත් තත්ත්වයන් මත බිඳ වැටුණු ක්ෂේත්‍රවලට දේපළ ඇපයට ගෙන ලබාදුන් ණය සඳහා පොළියට පොලියකුත් මේ ගොල්ලෝ අය කරනවා. ඉතාමත් අසාධාරණ ලෙස සුහද හදවත පෙන්නලා මිනිසුන් හුරා කාලා බවට මීට වඩා සාක්ෂි ඕනෑද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 125 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 25 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 376 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 210 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 303 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 527 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1984 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1757 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site