සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න, John Keells Leisure හි ජ්‍යෙෂ්ඨ උප සභාපති (ගෝලීය සන්ධාන සහ හවුල්කාරීත්ව) සහ  John Keells සමූහයේ ආයතනික කටයුතු ප්‍රධානී දිලීප් මුදාදෙණිය, Cinnamon Hotels & Resorts ජ්‍යෙෂ්ඨ උප සභාපති (කොළඹ හෝටල්) සහ Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහල සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජින් සෙනෙවිරත්න, එම බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (කාඩ්පත්, අලෙවි හා ප්‍රවර්ධන) රොෂාන් රාජපක්ෂ යන මහත්වරුන්.


සෙලාන් බැංකුව City of Dreams Sri Lanka සමග එක්ව ඉදිරිපත් කරන ‘This Is Michael: Relive the Legend’’ සජීවී ප්‍රසංගය 2026 නොවැම්බර් 08 සහ 09 යන දෙදින City of Dreams Sri Lanka  හිදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ගීත ලොවේ එදා මෙදාතුර බිහි වූ ජනප්‍රියම තරුවක් වන මයිකල් ජැක්සන්ගේ සංගීත උරුමය සජීවීව ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එන මෙම ප්‍රසංගය, සෙලාන් කාඩ්පත් හිමියන් ඇතුළු කාටත් සදානුස්මරණීය අත්දැකීමක් වනු ඇත. 
මයිකල් ජැක්සන් උපහාර ප්‍රසංගයක් ලෙස ඉමහත් ජනාදරයට පාත්‍ර වූ ‘This Is Michael: Relive the Legend’ මේ වන විට රටවල් 15 ක සහ නගර 25 කදී පවත්වා තිබේ තිබේ. ලෙනී ජේ (Lenny Jay)  විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ප්‍රසංගය, මයිකල් ජැක්සන්ගේ මනමෝහනීය හඬ, ආකර්ෂණීය ඇඳුම් විලාසිතා සහ සුවිශේෂී ප්‍රාසාංගික පෞරුෂය මෙන්ම ලොව පුරා ඔහු ඇති කළ දැවැන්ත බලපෑම වෙනුවෙන් පිදෙන සංගීතමය උපහාරයකි. ඇතිදක්ෂ ගායක ගායිකාවන්, නර්තන ශිල්පීන් සහ සංගීතඥයන් රාශියක්ද මෙම ප්‍රසංගයට දායක වෙති.
‘The Essential Card for Your Heartfelt Essentials’ යන තේමා පාඨය අනුව සෙලාන් බැංකුව තම කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ සමගින් සදානුස්මරණීය අත්දැකීම් තිළිණ කිරීමට සෑම විටම උත්සාහ කරයි. සැබෑ මයිකල් ජැක්සන් ප්‍රසංගයකට සමාන අත්දැකීමක් විඳගැනීමට ඔවුන්ට අවස්ථාව උදා කර දීම එම උත්සාහයේ තවත් එක් පියවරකි. 
මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර සඳහා Seylan Visa Infinite, Visa Signature සහ World Mastercard කාඩ්පත් හිමියන්ට සියයට 20 ක වට්ටමක් Seylan Visa Platinum Visa Gold, Mastercard Freedom සහ සෙලාන් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සියයට 15 ක වට්ටමක් ද හිමි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ කාඩ්පත් රුචිත් ලියනගේ මහතා මෙසේ පැවසීය. 
‘‘සංගීතය යනු මිනිසුන්ගේ හදවත් යා කරමින් මතක බිහිකරන කලාවක්, මයිකල් ජැක්සන් තරමට සාර්ථකව එය සිදු කළ වෙනත් ගායකයකු ලොව නොමැති තරම්, City of Dreams Sri Lanka සමග අප ඇති කරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ගනුදෙනුකරුවන්ට සදා අමතක නොවන අත්දැකීම් තිළිණ කිරීම සඳහා දෙපාර්ශ්වය දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කරනවා, එමෙන්ම මෙය හුදෙක් මූල්‍ය ප්‍රතිලාභවලින් ඔබ්බට ගොස් කාඩ්පත් හිමියන්ට සැබැවින්ම මතකයේ රැඳෙන අත්දැකීම් පිරිනැමීම සඳහා අප නිරන්තරයෙන් දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” 
මෙම ප්‍රසංගය වෙනුවෙන් සෙලාන් බැංකුව විසින් 2026 සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා Swipe & Win’ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලබන අතර, එහිදී වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනකුට රුපියල් 20,000 ක් වටිනා Free ප්‍රවේශපත්‍ර දෙක බැගින් දිනාගැනීමේ අවස්ථාව හිමි වේ. 
සෙලාන් බැංකුවේ සියලුම ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙම දිනුම් ඇදීමට සහභාගී විය හැකි අතර, අවම වශයෙන් රුපියල් 10.000 ක ගනුදෙනුවක් සිදු කිරීමෙන් ඒ සඳහා සුදුසුකම් ලැබිය හැක. ප්‍රවර්ධන කාලසීමාව තුළ සුදුසුකම් ලබන ගනුදෙනු කිහිපයක් කිරීමෙන්, කාඩ්පත් හිමියන්ට ජයග්‍රහණය සඳහා අමතර අවස්ථා හිමි වේ.