ඌව පළාතේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන ශාන්ත ඉංජිනියර්ස් ඇන්ඩ් ඉන්ඩස්ටී්‍රස් සමූහයට අයත් සෙල්ඩෝ ඉන්ඩස්ට්‍රීස් සහ SN SN Quarts පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී රන් සහ ලෝකඩ සම්මානවලින් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
නිරන්තරයෙන් වෙනස් වෙන ව්‍යාපාර ලෝකය සමඟ අලුත් වෙන ශාන්ත ඉංජිනියර්ස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම අනර්ඝ තත්ත්වයෙන්, ඉහළ ප්‍රමිතියෙන් සහ විශිෂ්ට නිමාවෙන් යුක්ත රෝලර් ඩෝ, ගේට්ටු, රූෆින් ෂීට්, සුදු යකඩ අත් වැටවල්, වානේ බිල්ඩින් සැකසීම, තහඩු කැපීම, නැමීම සහ රෝල් කිරීම සිදු කරයි.
“අපගේ නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන්ට ඇත්තේ ඉහළ විශ්වාසයක්. එම විශ්වාසය සුරැකීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. එසේම පාරිභෝගිකයන්ට සුහදශීලී සේවයක් සැපයීම අපගේ ප්‍රධානම ඉලක්කයක්. මෙම ජයග්‍රහණයට දායකත්වය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමන්න කැමැතියි.” සෙල්ඩෝ ඉන්ඩස්ටී්‍රස් කළමනාකාර අධ්‍යක්ෂ එම්. ඒ. ටී. එස්. අනුරාධ මහතා පැවසීය. “අප සෑම නව ව්‍යාපාරයක්ම ඉහළම ප්‍රමිතියෙන් සිදු කරනවා. අපගේ නව ව්‍යාපාරය ඔස්සේ රැකියා අවස්ථා රැසක් ජනිත කරමින් ගමට මුදල් ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා.” SN SN Quartsසමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. ශාන්තලාල් මහතා පැවසීය.
-සටහන- චමින්ද මුණසිංහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
සෙල්ඩෝ ඉන්ඩස්ට්‍රීස් හා SN SN Quarts කර්මාන්ත විශිෂ්ටතා රන් හා ලෝකඩ සම්මාන දිනයි