(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2017 විභාගය සමත් එහෙත් සරසවි වරම් අහිමි සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණය ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරයි.
ඒ අනුව සිසුන් 5000 කට උපරිම රුපියල් ලක්ෂ 8ක් දක්වා ණයක් ලබා දෙන අතර එම මුදලින් උපාධිය හදාරා රැකියාවක් කරනවිට ණය ගෙවීමට හැකි බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මානව හා සමාජ විද්‍යාව ,වාණිජ විද්‍යාව, ජීව විද්‍යාව,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යව විෂය ධාරාවන්ට අදාල උපාධි පාඨමාලා සිසුන්ට තෝරා ගත හැකි අතර ඒ වෙනුවෙන් මෙම ණය ඉල්ලුම් කළ හැකි බවද එම අමාත්‍යාංශය කියයි.
මෙම ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක කරන අතර සිසුවෙකුට වසර තුනක හෝ හතරක හෝ උපාධි පාඨමාලාවක් හදාරා නිමවූ පසුව වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන්පසු රැකියාවක් ලබා ණය ගෙවාදැමිය හැකි බවද එම අමාත්‍යාංශ කියයි.
වසර හතරක උපාධි පාඨමාලාවක් සඳහා නිකුත් කරන ණය සමාන වාරික 84න්ද වසර 3ක උපාධි පාඨමාලාවක් සඳහා නිකුත් කරන ණය සමඟ වාරික 96කින් ගෙවා නිම කිරීමට ණය ඉල්ලුම්කරුවෝ බැඳි සිටින බව අමාත්‍යාංශය කියයි.
රුපියල් ලක්ෂ 8 කට වැඩි උපාධි පාඨමාලා වලට ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඉතිරි මුදල ශිෂ්‍යත්වයක් ලෙස පිරිනැමීමටද එම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තීරණය කර තිබේ.
වැඩි විස්තර www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ වැඩක්... පිටරට වලද මේ හා සමාන ණය ක්‍රමවේදයක් තියනවා. ළමයින් අනවශ්‍ය කරුණු කරනා හා අනවශ්‍ය දේශපාලන කටයුතු වල නොයිඳ තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමකර හැකි ඉක්මණින්ම රක්ෂාවක නියතව තමන්ට හා රටට වැඩදායි පුද්ගලයින් ලෙස සමාජයට ඇතුළුවේවි...
ඉතින් ඕක රජයේ විශ්ව විද්‍යාල මගින්ම කරන්න පුළුවන්නේ... ළමයින්ට උගන්නලා රැකියාවක් කරනකොට ඒ වියදම ගෙවන්න කියන්න ඕනේ... අධ්‍යාපනයෙන් තමයි රටක් නගා සිටුවීමට හැක්කේ... ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පමණි.. නිදහස් අධ්‍යාපනය තිබුනේ දැන් මැදපෙරදිග වැඩි වශයෙන් රැකියා කරන්නේ කේරල අය තමයි. අපේ රටේ දේශපාලකයෝ ඒ වගේ තිබුණු රැකියා ඉල්ලුම දැක්කේ නෑ.. ඒවාට වුවමනා පිරිස හැදුවේවත් නෑ. ඒ නිසා තමයි අපේ අයට ගෘහසේවයට යන්න වුනේ..
මේක ඉතාම හොඳ වැඩක්. අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර ආයෝජනය කළ යුතුයි. මෙම සිසුන් රැකියා ඇති අධ්‍යාපනික පාඨමාලා විතරක් කරනු ඇත. මහපොළවද ණය යෝජනාක්‍රමයක් බවට පත්කළ යුතුයි... රැකියා කරනවිට මහපොළ දීමනාවෙන් කොටසක් ගෙවීමට උනන්දු කළ යුතුයි.
මේක ඉතාම කාලෝචිත වැඩක්. නමුත් මේ ණය ගත් සිසුන්ට රක්ෂා අනිවාර්යයෙන්ම ලැබෙන බවට සහතික කළ යුතුයි. නැත්නම් ණය ගෙවා ගන්න බැරිව තව දිවිනසා ගැනීම් පෙළක් දකින්නට ලැබෙයි.