IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වාර්තාගත ගමනක

 

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ලැයිස්තුගත කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ ආයෝජන සමාගම බවට පත්වෙමින් සහ 2021-22 මූල්‍ය වර්ෂය සඳහා මේ දක්වා එහි ඉහළම ලාභය වාර්තා කරමින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) වසරක්, 2021 දී වාර්තා කර ඇතැයි එම සමාගම කියයි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) විසින් වර්ෂ 2021 නොවැම්බර් 23 වැනි දින CSE හි ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත වූයේ, රු.බිලියන 1ක මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) සමගිනි. එහිදී, පවතින ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව නොතකා, සර්වෝදය ව්‍යාපාරයේ මූල්‍ය සේවා අංශය කෙරෙහි ආයෝජකන්ගේ උනන්දුව සහ විශ්වාසය ඉහළ මට්ටමක පවතින බව තහවුරු කරමින්, එම මූලික මහජන කොටස් නිකුතුව මධ්‍යහනය වනවිට අධි ඉල්ලු‍මක් වාර්තා කරන ලදී.

එමෙන්ම, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සතුව ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කළ සහ දැනටමත් කටයුතු කෙරෙන යාන්ත්‍රණයක් පවතී. ඉන් බහුතරයක් බස්නාහිර පළාතෙන් පිටත පිහිටා ඇත.
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සිය අවසාන සේවාදායකයා වෙත අරමුදල් සැපයීම සඳහා සර්වෝදය ශ්‍රමදාන සමිති 5,400ක් සමග ද ක්‍රියා කරමින්, ග්‍රාමීය ව්‍යවසායකයන් සඳහා ඉතුරුම් විකල්ප මෙන්ම, ව්‍යාපාර පුහුණුව සහ වෙළෙඳපොළ සංවර්ධන ක්‍රියාකාරකම් ද ඇතුළත් වන අනෙකුත් ආධාරක සේවා ද නොමසුරුව සපයයි.

රුපියල් බිලියන 1ක නව කොටස් නිකුතුව සමග සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි ව්‍යවස්ථාපිත අවම ප්‍රාග්ධන අවශ්‍යතාව වූ රුපියල් බිලියන 2.5ක අගය වඩාත් සුවපහසු ලෙස ඉක්වමවින්, SDFහි ප්‍රාග්ධන පදනම රුපියල් බිලියන 3.1ක් දක්වා ඉහළ නංවා ඇත.

එසේම, සියයට 7 ක අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවට සාපේක්ෂව, මූලික ප්‍රාග්ධන අනුපාතය සියයට 27.37 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සියයට 11ක අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවට සාපේක්ෂව, සමස්ත අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන අනුපාතය සියයට 28.62 ක් ලෙස දැක්වෙයි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 21ක් පූර්ණ සේවා ශාඛා බවට උසස් කරමින්, ශාඛා ජාලය 51ක් දක්වා පුළුල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීම ද ව්‍යාපාර වර්ධනයට රුකුලක් විය.

ණය කලඹේ වර්ධනයෙන් උත්තේජනය වූ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් විසින් රුපියල් මිලියන 215.5ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 183.3ක බදු ගෙවීමෙන් පසු ලාභයට සාපේක්ෂව සියයට 17.5ක වර්ධනයකි.

වර්ෂය තුළ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් හි සමස්ත ණය ලබාදීම් සියයට 25.03 කින් වර්ධනය වී ඇත. එහිදී කෘෂිකාර්මික අංශය ණය කලඹෙන් විශාලතම ප්‍රතිලාභියා ලෙස වර්ෂය තුළදී සමස්ත ණය ලබාදීම්වලින් සියයට 48ක් හෙවත් රුපියල් බිලියන 3.91ක් පාරිභෝගිකයන් වෙත පිරිනමා ඇත. මෙය පෙර වසරට වඩා සියයට 87 ක වර්ධනයකි.

595

Mr. Channa de Silva

Chairman


Mr. Nilantha Jayanetti

Chief Executive Officer



අදහස් (2)

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වාර්තාගත ගමනක

Parakrama Girihagama Saturday, 27 August 2022 07:29 PM

හොඳ නායකත්වයක්... හොඳ ප්‍රතිඵල... සුබපැතුම්...!

:       0       1

Sumanasekara Monday, 05 September 2022 05:59 AM

ධම්මික පෙරේරා චන්න ද සිල්වාව ඩේල්මේජ් එකෙන් ෆේල් කියලා අස්කරාට පස්සේ, චන්න මාමණ්ඩිගේ සර්වෝදයට එවන NGO සල්ලි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (SDF) එකේ රෝල් කරලා දුප්පත් මිනිස්සුන්ට එවන ඒ සල්ලි වලින් V8 LandCruiser පදිනවා. ලිපිගොනු ඉදිරියේදී..

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 28 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 23 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 346 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 210 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 513 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1973 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site