IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සියලු කොටස් මිල දර්ශකය එකක 22,000 ආසන්නයට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දින දහයක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක දහසකින් ඉහළ යන ස්වභාවයක් සමීපයෙහි සිටී. ඉකුත් සැප්තැම්බර් 19 වැනි දා සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,085 ක් ලෙස සටහන් වූ අතර එතැන් සිට අඛණ්ඩ වර්ධනය වූ ගනුදෙනු දින දහයකට පසු සියලු කොටස් මිල දර්ශකය 21,951 දක්වා තියුණු වර්ධකයක් අත්පත් කරගෙන තිබේ. විදේශ සහභාගීත්වය කැපී පෙනෙන තැනෙක නොතිබිය දී පවා දේශීය සුළු හා ආයතනික ආයෝජන කැපී පෙනෙන සහභාගීත්වයක බව පැහැදිලිය. මෙම වර්ධනය තුළ ලාබ උපයන අවස්ථා ගණනාවක් පසුකරන ලද අතර ආයෝජන අංශ තව දුරටත් ඉවසිලිවන්තව සිටින ස්වභාවය දර්ශක ස්ථාවර කරන පදනමක් බවට පත්ව තිබේ.

ඊයේ (ඔක් 02) දිනයේ පවා මිල දී ගැනීමේ උනන්දුව සියයට 69.68 ක වැනි ඉහළ ප්‍රතිශතයක පැවැති අතර එය මෙම සතියේ ඉහළම අගයක් බව දැක්වේ. කෙසේ වෙතත් විදේශ අංශය දුබල බව පැහැදිලිය. ඊයේ ගනුදෙනුවල දී රු. මිලියන 46ක විදේශ ශුද්ධ ආදායමක් සනිටුහන් කළේය. මෙම සතියේ පළමු දින දෙක තුළ පමණක් රු. මිලියන 377.8 ක ශුද්ධ අවාසියක් විදේශ ආයෝජන අංශවල සිදු වූ අතර පසු දින දෙක තුළ ශුද්ධ මිල දී ගැනිම් රු. මිලියන 121 කි. 

ගනුදෙනු අවසන් වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 21,951.30 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 100.49 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,148.21 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 9.42 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.51 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38,899 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 192.14 ක් විය. සමාගම් 156 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 95 කි. ඉසුරුමත් සමාගම් හැරුණු කොට මිල ගණන් අඩු සමාගම්වල කොටස් මිල දී ගැනීමට ආයෝජන අංශ උනන්දුවක් දක්වන බව පෙනේ. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කළ හැකි අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක විසි දෙදහස ඉක්මවන්නය ඉඩ ඇත. පවතින අවකාශය තුළ කොටස් විකිණීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකි අතර දින දහයක ස්ථාවරභාවය බිඳී ගියහොත් දර්ශකවල පසුබෑමක් සිදුවේ. 

කොමර්ෂල් බැංකුව රු. මිලියන 694 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 294 ක්, මෙල්ස්ක්‍රොප් රු. මිලියන 229 ක්, ලංකා ඇලුමීනියම් රු. මිලියන 187 ක්, සියෙරා කේබල් රු. මිලියන 169 ක්, ලංකා මිල්ක් ෆුඞ් රු. මිලියන 160 ක්, ඇම්බියන් කැපිටල් රු. මිලියන 150 ක්, එල්.වී.එල්. එනර්ජි මිලියන 149 ක්, සහ හේමාස් හෝල්ඩිං රු. මිලියන 144 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 
 
නිරීක්ෂක 

 



අදහස් (0)

සියලු කොටස් මිල දර්ශකය එකක 22,000 ආසන්නයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site