
ස්මාර්ට් " පික් පැක් " වෙළඳ ආයතනයෙහි 16 වැනි ශාඛාව ගම්පහ - කොළඹ පාරේ අංක 255/1/1 දරන ස්ථානයේදී ඉකුත් දා සුභ මොහොතින් ආරම්භ කෙරිණි.
දිවයිනෙහි විවිධ ප්‍රදේශවල මේ වනවිට ආරම්භ කොට ඇති මෙම වෙළඳ ව්‍යාපාරය මගින්, පාරිභෝගිකයන් විසින් දුරකතන මාර්ගයෙන් කරනු ලබන සියලු ඇණවුම් නිවාස ඇතුළු ඕනෑම ස්ථානයකට රැගෙන ගොස් බාරදීම සිදු කරනු ලබන බව එම ව්‍යාපාරයේ සභාපති අනුර ජයසිංහ මහතා සදහන් කළේය.
මෙලෙස ඇණවුම් කොට ලබා ගන්නා ද්‍රව්‍ය සහ භාණ්ඩ සඳහා මුදල් ගෙවීම එක්වර මෙන්ම පොලී රහිතව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව පැවතීම විශේෂත්වයක් බව එම ආයතනය සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයෙහි ආරම්භ කළ මෙම ව්‍යාපාරය දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමටද සැලසුම් කොට ඇති බව ආයතන කළමනාකාරිත්වය සදහන් කරයි.
ස්මාර්ට් " පික් පැක් " වෙළඳ ව්‍යාපාරයෙහි ගම්පහ ශාඛාව විවෘත කිරීම ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට ව්‍යාපාර සභාපති අනුර ජයසිංහ, එහි ප්‍රධාන විධායක රොෂාන් පනාවල, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකාර කණිෂ්ක දෙනවක , ගම්පහ ශාඛා කළමනාකාර රොහාන් උදය කුමාර, රසිකා ඉලුක්කුඹුර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ස්මාර්ට් පික් පැක් නවතම ශාඛාව ගම්පහදී විවෘත වේ
රොමේෂ් නිරෝශන් පෙරේරා Thursday, 13 February 2025 05:09 PM
මුලදී සේවාව හොඳයි. දැන් කණගාටු දායකයි..