ඉන්දියාවේ සහය ඇතිව ති්‍රකුණාමලයේ සාම්පූර්හි ඉදිකිරීමට නියමිත ගල් අගුරු බලාගාරයේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශhg බළධාරීන්ට උපදෙස් දී තිබේ.
බලාගාරය ඉදිකිරීම සදහා වැය වේයැයි අපේක්ෂිත මුදල ඩොලර් ලක්ෂ 5120 කි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී බලාගාරය ඉදිකිරීම සදහා පැවැත්වුනු සාකච්ඡා සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව කටයුතු කළ අතර එවක ඉන්දියාවේ විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටියේය.
බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වසරක් ගතවීමට මත්තෙන් ආරම්භ කිරීමටත් 2018 වසර වන විටදී ජාතික විදුලි බල පද්ධතිය හා බලාගාරය සම්බන්ධ කිරීමටත් එම සාකච්ඡා වලදී දෙපාර්ශවය එකග වූහ.
බලාගාරය පිහිටුවීමෙන් අඩු මිලට විදුලිය ලබා දිය හැකි වනු ඇතැයි පැවසේ.මෙගා වොට් 250 බැගින් වන බලයකින් යුතු විදුලි බල ජනක යන්ත්‍ර දෙකකින් බලාගාරය සමන්විත වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි (දී)
13 ඉල්ලන එකේ තවත් බලාගාරයකුත් දෙන්නේ මොකටද? (ස)
මේ කොන්ත්‍රාත් එක ගත්ත ඉන්දියන් කොම්පැනිය අඩු ගනනේ දන්නේ නැහැ විදුලි උත්පාදකයේ ටර්බයින් එක හදන්න වත්..අන්තිමට ඒ ගොල්ල ඒ වැඩේ දෙන්න යන්නේ ජපානයට. වැඩේ ඉවර වුනාම මේක අච්චාරුවක් වෙන්න පුළුවනි. ඉන්දියාවෙන් ආපු තර්ජනයකින් බේරෙන්න ...අපේ අය දුන්න අල්ලසක් මේක. නිදහස ලබලා අවුරුදු 64 ක් ...අපි කොහෙටද මේ යන්නේ...? (ස)
ජපානෙන් ඔය ව්‍යාපෘතිය කරනවා නම් හිතට දැනෙන'' මහා ණය'' බියට පොඩි සහනයක්..!!!මොකද ණය ගෙවල ඉවරවෙනකම් ඕක දුවයි කියල විශ්වාශ නිසා. මහා මුදල් කන්දක් වැයකරමින් නමගිය විදුලිබලාගාරයක් පිලිසකර කරණ කටයුතු වල නිරත වෙලා ඉන්නවා ඒ විදේශ සමාගම පංචිකාවත්තෙන්ද කෑලි ගෙනත් සවිකරනවා. අයියෝ සල්ලී...........(නදී)
ඔය ඩොලර් ලක්ෂ 5120 න් යන හරි වියදම කීයද ? (ස)
මේවා ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ටයි, දරුවන්ගේ දරුවන්ටයි තමා පොළියත් සමඟ. (නි)
මට නම් හිතෙන්නේ අපේ පරිසරය ගැන තව ටිකක් හිතුවොත් හොඳයි කියලා (නි)
තව අවරුදු 50ක් යන්න කලින් ගල් අගුරු අවසන්. දැන් ගල් අගුරු බලාගාර හදන්න පටන් ගන්නවා. මේ රටට හරියිද? (ස)
නොරොච්චෝලේ තිබියදී ඇයි මේක හදන්නේ? (නි)
මේවා ජනතාවගේ දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි (නි)
අපිට් විදුලිය අඩු මිලට ලැබෙයිද ? (ස)
අනිත් රටවල් නම් ගල් අගුරු බලාගාර වසාගෙන යනවා. මේවා පරිසරයට අහිතකර බව ඔප්පු වෙලා තියෙන්නේ. අනේ මන්දා අපි මොනවාද මේ කරන්නේ? (නදී)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. රටට හොඳක් වෙනවා නම් එච්චරයි (නි)
අපි තවත් ලෝකයට ණය වියයුතුද? (නි)
සුදීර මේ හදපු එකකින් වත් රටට හොදක් වෙලා තියේද (දී)
අනේ අපිට නම් අඩු මිලට විදුලි බලය එපා. ඕක අහලම එපා වෙලා.(නදී)