IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සෙරෙන්ඩිබ් ලෑන්ඩ්හි සියයට 25.48ක් හිමි කරගනී

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ කොටස් 101,643ක් මිලදී ගැනීමට සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සම්පත් බැංකුව හා එක්ව පවත්වාගෙන යන ගිණුමක් හරහා පසුගියදා පියවර ගෙන තිබේ. මෙය සමාගමේ සමස්ත කොටස් අතරින් සියයට 25.48 ක ප්‍රතිශතයකි. 

සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ තනි වැඩිම කොටස් හිමිකරුවා වූ ෆින්කෝ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම අලෙවි කළ කොටස් මෙලෙස එම සමාගම මගින් මිලදී ගෙන තිබේ. එහිදී කොටසක් රුපියල් 1500.00 කට මිල කෙරී ඇත. එහි වටිනාකම රුපියල් 152,464,500 කි.

එම අලෙවිය සිදු කරන අවස්ථාව වනවිට ෆින්කෝ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සතුව සෙරෙන්ඩිබ් ලෑන්ඩ් පීඑල්සී සමාගමේ කොටස් 105,425ක් එනම් සියයට 26.43ක හිමිකාරීත්වයක් පැවතුණි. සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් මිලදී ගත් කොටස් 101,643ට අමතරව තවත් කොටස් 100ක් වෙළෙඳපොළ වෙත අලෙවි කිරිමට ෆින්කෝ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම පියවර ගෙන තිබේ. මෙය සියයට 0.02ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 1500 සිට 1580 දක්වා මුදලකට එම අලෙවිය සිදු කර ඇත.



අදහස් (0)

සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සෙරෙන්ඩිබ් ලෑන්ඩ්හි සියයට 25.48ක් හිමි කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site