IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ස්ටාර් ගාමන්ට්ස් ටොගෝ රාජ්‍යයේ නවීන ඇඟලු‍ම් කම්හලක් විවෘත කරයි

  • හෙක්ටයාර 3.7 ක භූමියක පිහිටි කර්මාන්තශාලාවෙන් ටෝගෝ ජාතිකයන් 2,000 කට සෘජ ු රකියා අවස්ථා
  • 2030 වනවිට මෙහි සෘජ ු හා වක්‍ර රැකියා 4,520 ක් දක්වා ඉහළට
  • පූර්ණ ධාරිතාව යටතේ දිනකට ඇඟලු‍ම් 50,000ක් නිෂ්පාදනය කළ හැකියි

ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් කර්මාන්තයේ ප්‍රබලයකු මෙන්ම චාල්ස් කොමාර් සහ පුත්‍රයන් සමාගමට අනුබද්ධිත ස්ටාර් ගාමන්ට් සමූහය, ටෝගෝ හි ඇඩෙටිකෝප් කාර්මික කලාපයේ (PIA) සිය නවීන ඇඟලු‍ම් නිෂ්පාදන කර්මාන්තශාලව පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. ටෝගෝ කවුන්සිලයේ සභාපති ෆවුරේ නසිබේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය, සමාගමට මෙන්ම බටහිර අප්‍රිකානු ඇඟලු‍ම් කර්මාන්තයට පරිවර්තනීය සන්ධිස්ථානයක් සනිටුහන්නකි.
මෙය ස්ටාර් ගාමන්ට්ස් ශ්‍රී ලංකාවෙන් පිටත විවෘත කරන පළමු ඇඟලු‍ම් කර්මාන්තශාලාව වීම ද විශේෂත්වයකි. සමාගමේ ගෝලීය වර්ධනය සඳහා උපායමාර්ගික දොරටුවක් ලෙස ටෝගෝ රාජ්‍යයේ ඇති වැදගත්කම ඉන් පිළිබිඹුවන අතරම ඇඟලු‍ම් නිෂ්පාදන ක්ෂේත්‍රෙය් බටහිර අප්‍රිකාවට ඇති වැදගත් භූමිකාව ද එමගින් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව ස්ටාර් ගාමන්ට්ස්හි සේවා මධ්‍යස්ථානය ලෙස දිගටම කටයුතු කරනු ඇති අතර, ස්ටාර් ගාමන්ට්ස්හි ඒකාබද්ධ ගෝලීය නිෂ්පාදන ජාලයට සහාය වීම සඳහා ලංකාව තුළ මෙහෙයුම් පුළුල් කරනු ඇත.
හෙක්ටයාර 3.7 ක දැවැන්ත භූමි ප්‍රමාණයක පිහිටි මෙම ඇඟලු‍ම් කර්මාන්තශාලව තුළ ටෝගෝ ජාතිකයන් 2,000 ක් සඳහා සෘජු රැකියා අවස්ථා නිර්මාණය කෙරේ. තව ද රැකියාවලින් සියයට 60කට වඩා කාන්තාවන් වෙනුවෙන් වෙන්කිරීම ද කැපීපෙනේ. වර්ෂ 2030 වනවිට මෙහි සෘජු හා වක්‍ර රැකියා 4,520 ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඉන් එරට ආර්ථිකය දැවැන්ත පරිවර්තනයකට බඳුන් කරනු ඇත.
පූර්ණ ධාරිතාව යටතේ දිනකට ඇඟලු‍ම් 50,000ක් නිෂ්පාදනය කළ හැකි මෙම ඇඟලු‍ම් කර්මාන්තශාලාව හරහා, ජාත්‍යන්තර වෙළෙඳපොළට රාත්‍රී ඇඳුම්, ලිහිල් ඇඳුම් සහ ස්ථර සහිත ඇඟලු‍ම් අපනයනය කරනු ඇත. ඒ හරහා ගෝලීය ඇඟලු‍ම් වෙළෙඳපොළේ තරගකාරී රටක් ලෙස ටෝගෝව ස්ථාපිත කරන අතරම, එරටට සැලකිය යුතු විදේශ විනිමය ඉපැයීමක් ද ජනනය කෙරේ.

 



අදහස් (0)

ස්ටාර් ගාමන්ට්ස් ටොගෝ රාජ්‍යයේ නවීන ඇඟලු‍ම් කම්හලක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site