කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ආයෝජන බැංකුකරණ ඇතුළු මූල්‍ය විසඳුම් ලබා දෙන ස්ටෑන්ඩර්ඩ් කැපිටල් පීඑල්සී සමාගමේ සියයට 70.54 ක කොටස් හිමිකාරීත්වයක් අලෙවි කළ බව එම සමාගම පවසයි.
මෙහිදී එම කොටස් සියල්ලම මිලදී ගෙන ඇත්තේ අභිෂේක් සිතම්පලම් නමැත්තකු බවත් සමාගම ඊයේ එම හුවමාරුව වෙත අනාවරණය කළේය. අභිෂේක් සිතම්පලම් මහතා සුප්‍රසිද්ධ ෆයින්ඩ්මයිෆෙයා වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයා ද වෙයි.
මෙම අලෙවිය යටතේ ස්ටෑන්ඩර්ඩ් කැපිටල් පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවන් සිව්දෙනා වන ගල්ෆ් ඊස්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (කොටස් 1,760,000ක්), ස්ටෑන්ඩර්ඩ් ඉන්ඩස්ට්‍රීස් (1,000,000ක්), අමිනා ඉන්වෙස්ටම්න්ට් ලිමිටඩ් (648,715ක්), සහ ඊස්ටර්න් ඕෂන් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් (500,000ක්) ලෙස මෙම කොටස් අලෙවි කර තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 40ක් බැගින් මිල කෙරී ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් 156,348,600 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd