ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව 


නිලාවේලි වෙරළ තීරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් දැනට භාවිත කරන ප්‍රවේශ මාර්ග දෙක ප්‍රමාණවත් පහසුකම් නොමැති නිසා තදබදය අධික වීම හේතුවෙන් පහසුකම් සහිත නව ප්‍රවේශ මාර්ගයක් සකස් කිරීමට නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය කටයුතු කරගෙන යයි.

සංචාරකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පුළුල් ඉඩකඩ සහිත නව ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමත් සමග එයට සමගාමීව සංචාරකයන්ගේ සනීපාරක්ෂක පහසුකම්, වාහන නැවතුම්පොළක්, පරෙවි දූපතට හා තල්මසුන් නැරඹීමට යන සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ප්‍රවේශපත්‍ර කවුළුවක්, ජීවිතාරක්ෂක ඒකකයක් ස්ථාපිත කෙරෙන බව මෙහි නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා පැවසීය.

නව ප්‍රවේශ මාර්ග පුළුල් කිරීමට සමගාමීව ඉදිවන පහසුකම් පිළිබඳව බැලීමද මෙහිදී සිදුවූ අතර මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ප්‍රියන්ත මලවැන්නගොඩ මහතා ද එක්විය.