IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කරයි

 


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, සංචාරක ක්ෂේත්‍රයේ අභියෝග ජයගැනීමට අවශ්‍ය දීර්ඝ කාලීන සැලසුමක් සකස් කිරීමටත් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කර තිබෙන බවත්, එහි සාමාජිකයන් නම් අද (25) දින ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එම විශේෂ කාර්ය සාධක බළකායේ සභාපතීත්වය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට හිමිවනු ඇති බවත්, කමිටුව සාමාජිකයන් 28 දෙනකුගෙන් යුක්ත වනු ඇති බවත් සංචාරක අමාත්‍යාංශය පැවැසුවේය. සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එම කාර්ය සාධක බළකායට ඇතුළත් වනු ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

කාර්ය සාධක බළකාය පිහිටුවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය පසුගියදා නිකුත් වුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවැරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ කාර්ය සාධක බළකාය පිහිටුවා ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ නියාමනය, අභියෝග හඳුනාගැනීම සහ විසඳුම් යෝජනා කිරීම, අධීක්ෂණය සහ ඇගයීම ඇතුළු කාර්යයන් රැසක් ජනාධිපති කාර්ය සාධක බළකාය මගින් සිදු කෙරෙනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පැවැරෙන කාර්යයන් සිදුකර වසර දෙකක් තුළ ඊට අදාළ වාර්තාව කමිටුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇති බවත් සංචාරක අමාත්‍යාංශය පැවැසුවේය.



අදහස් (0)

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site