- MICE ඉසව් සංවිධාකයන්ගෙන් ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නොවීම ගැටලුවක්
2026 වසරේදී මෙරට සංචාරක කර්මාන්තයේ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) ඉසව් පංගුව සමස්තයෙන් සියයට 12කට අගයකට පත් වනු ඇතැයි සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා ලංකාදීප FT වෙත පැවසීය.
විශේෂයෙන්ම වසරේ ගත වූ මුල් මාස හයක කාලය තුළදී සංවිධානය වුණු MICE සහ ව්‍යාපාරික ඉසව් හරහා එම පංගුව සියයට 11කට ආසන්න ප්‍රතිශතයක් ගෙන තිබෙන බවත්, ඉදිරි මාස කිහිපයේදී සංවිධානය කෙරෙන ඉසව් හරහා මෙම ඉලක්කය වෙත යා හැකි වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
“2025 වසරේදී මේ පංගුව සියයට 10ක අගයක් වුණේ. සාමාන්‍ය සංචාරකයකුට වඩා මේ ඉසව් සංචරණය සඳහා පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩි මුදලක් රටට හිමි වෙනවා. ඒ නිසා එවැනි ඉසව් පිළිබඳ අවධානය වැඩි විය යුතුයි.’’
කෙසේ වෙතත් ලංකාව තුළ MICE ඉසව් සංවිධානය කරන්නන් හරහා සිය කාර්යාංශය වෙත ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නොවීමෙන් එම කර්මාන්තයේ සැබෑ ආදායම ඇතුළු පැහැදිලි දත්ත එකතු කරගැනීම අපහසුවී ඇතැයිද සභාපතිවරයා මෙහිදී පවසා සිටියේය.
“අපිට මේ කර්මාන්තය පිළිබඳ පැහැදිලි දත්ත අවශ්‍යයි. ඒ හරහා තමයි මේ කර්මාන්තය තවදුරටත් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. දැනටමත් මේ සම්බන්ධයෙන් ලෝක බැංකුවෙන් තාක්ෂණික සහාය ඉල්ලලා තිබෙනවා.’’
මේ අතර ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය මගින් ඔක්තෝබර් මාසයේදී Sri Lanka MICE EXPO 2026 නමින් වැඩසටහනක් සංවිධානය කරන බවත්, ඒ සඳහා රටවල් 27ක MICE ඉසව් ගැනුම්කරුවන් සහභාගි වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd