IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සිංගර් ශ්‍රී ලංකා 2025 SLIM-KANTAR ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන සිංගර් පසුගියදා නිමාව දුටු 2025 SLIM-KANTAR  ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 19 වැනි වරටත් ‘වසරේ ජනතා සන්නාමය’ ලෙස පිදුම් ලැබීය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM& විසින් සත්කාරකත්වය දැක්වූ මෙම සුවිශේෂ සම්මාන උළෙලේදී  ‘වසරේ දිගුකල් පවත්නා සන්නාමය’ ලෙසද සම්මාන හිමි කර ගත් සිංගර් මෙරට තරුණ පරපුර අතර අත්කරගත් ජනප්‍රියත්වයෙන් ‘වසරේ තාරුණ්‍යයේ සන්නාමය’ ලෙසද ගෞරවයට පාත්‍ර විය. ඒ අනුව 2025SLIM-KANTAR  ජනතා සම්මාන උළෙලේදී සිංගර් සන්නාමය ප්‍රමුඛතම සම්මාන 3ක් තමන් සතු කරගන්නා ලදී.
මෙම ජයග්‍රහණය පිළිබඳව සිය කෘතඥතාව පල කරමින් අදහස් දැක්වූ සිංගර් හි අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනී මහතා මෙසේ පැවසීය “දිනෙන් දින වෙනස් වෙමින් පවතින පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ගුණාත්මක හා නව්‍යකරණ නිෂ්පාදන ලබා දීම කෙරෙහි අප දක්වන කැපවීම මෙම සම්මානයෙන් මනාව පිළිබිඹු වනවා. වසරේ ජනතා සන්නාමය සහ වසරේ දිගු කල් පවත්නා සන්නාමය ලෙස මෙන්ම වසරේ තාරුණ්‍යයේ සන්නාමය ලෙස සම්මාන හිමිකර ගැනීමෙන් පරම්පරා ගණනාවක පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීමට අප සතු හැකියාව පැහැදිලි වනවා. පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය හා ඔවුන්ගේ සහයෝගය වෙනුවෙන් අපගේ  හදපිරි ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කොට ගැනීමට කැමැතියි. සිංගර් සන්නාමය ගොඩනැගීම සඳහා දායක වූ සියලු දෙනාගේ කැපවීම හා උනන්දුව පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස මෙම ජයග්‍රහණය පෙන්වා දිය හැකියි. ඒ වගේම වසරේ තාරුණ්‍යයේ සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම මෙරට අනාගත පරපුරේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා වන අපගේ දැක්ම තව දුරටත් ශක්තිමත් කරනවා” 
මෙහිදී අදහස් දැක්වූ සිංගර් හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ  සඳහන් කළේය “පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති නොවෙනස් විශ්වාස සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුති වන්ත වනවා. වසරේ ජනතා සන්නාමය ලෙස අඛණ්ඩව 19 වැනි වරටත් සම්මානයට පාත්‍ර වීම අප සියලු දෙනා ලද ගෞරවයක් ලෙස සැලකීමට කැමැතියි. අපගේ පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලමින් ප්‍රමුඛතම පාරිභෝගික නිෂ්පාදන අලෙවිකරුවකු බවට පත්වීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන සිංගර් හි සියලු දෙනාගේ කැපවීම හා උනන්දුව මෙම ජයග්‍රහණයෙන් ප්‍රදර්ශනය වනවා. එසේම මෙම ජයග්‍රහණය අපගේ ගනුදෙනුකරුවන් වෙත ප්‍රමුඛත්වය ලබා දීමටත් ඔවුන් වෙනුවෙන් අපගේ සියලු සේවා නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමටත් සිංගර් සතු කැපවීම අවධාරණය කරනවා. 
සිය සන්නාම අනන්‍යතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සමත්ව ඇති සිංගර් නව්‍යකරණයෙන් සේවා විශිෂ්ටත්වය හා අඛණ්ඩ පාරිභෝගික තෘප්තිය ලබා දෙන ආයතනයක් බවට පත්ව සිටියි. මෙම කැපවීම එහි වත්මන් සාර්ථකත්වයට මෙන්ම අනාගත වර්ධනයටද සුවිසල් හේතුවක් වී ඇත. සිය පාරිභෝගිකයන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා නිෂ්පාදන පෙළ හා සේවා තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින සිංගර් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරමින් සෑම නිවසකටම ගැළපෙන නිෂ්පාදන හදුන්වා දීමට කටයුතු කර ඇත. එසේම සමාගම සතු පාරිභෝගික කේන්ද්‍රීය සේවාව, අලෙවි ජාලය හා අලෙවියෙන් පසු සේවාව ශ්‍රී ලංකාවේ විශ්වසනීයම සන්නාමය ලෙස එහි විශිෂ්ටත්වය තව දුරටත් තහවුරු කිරීමට සමත්ව සිටියි.

 



අදහස් (0)

සිංගර් ශ්‍රී ලංකා 2025 SLIM-KANTAR ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site